Home » ස්වදේශී Star Sales Awards – 2023/24

ස්වදේශී Star Sales Awards – 2023/24

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

‘ස්වදේශී Star Sales Awards 2023/24’ සම්මාන උලෙළ මීගමුවේ ජෙට්වින් බ්ලු හෝටලයේදී පසුගිය දා පවත්වන ලදි. මෙම සම්මාන උලෙළ පවත්වන ලද්දේ සාම්ප්‍රදායික සහ නවීන වෙළෙඳ අංශ ඔස්සේ විශිෂ්ට කාර්යසාධනයක් ලබාගත් පිරිස් අගය කිරීම සඳහාය. එහිදී, ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ, ආයතනයේ අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය අන්‍යෝන්‍ය සහයෝගිතාව, කණ්ඩායම් හැඟීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

ශක්තිමත් කණ්ඩායම් හැඟීම, තිරසරභාවය සහ සදාචාරාත්මක භාවිතයන් සඳහා වන ස්වදේශී සතු කැපවීම මෙම උත්සවය පුරා කැපී පෙනිණි. ස්වදේශී වසර 80 ක මෙම අභිමානවත් උරුමය ගොඩනැඟී ඇත්තේ තිරසරත්වය, සදාචාරාත්මක භාවිතයන් සහ නවෝත්පාදනය සඳහා වන ඔවුන්ගේ කැපවීම මතය. ස්වදේශී කර්මාන්තායතනය ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division