Home » Atlas World වැඩසටහනින් Quiz Master මොබයිල් app එකක්

Atlas World වැඩසටහනින් Quiz Master මොබයිල් app එකක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

Altas, මෙරට දරු දැරියන්ගේ සුවිශේෂී අධ්‍යාපන කඩඉම් ජයගැනීම සඳහා සුවිශාල අත්වැලක් සපයමින්, Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ Quiz Master මොබයිල් app එක හඳුන්වා දෙනු ලැබීය. මෙය ලොව දිනන පහේ හපනුන්ට තම අධ්‍යාපනික ඉලක්ක හඹා යාමේදී අන් කවරදාටත් වඩා, සතුටින් ඉගෙන ගනිමින් විභාග සඳහා පෙරහුරුවක් ලබා ගැනීමට අවකාශ සලසන මොබයිල් app එකකි.

Quiz Master මොබයිල් app එක පසුගිය අගෝස්තු 15 වැනිදා මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ, පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරු දැරියන් ශිෂ්‍යත්ව හපනුන් කිරීමේ අපේක්ෂාව පෙරදැරිවය. එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මෙම app එකට හැකියාව පවතින අතර, ශිෂ්‍යත්ව පෙරහුරුව වඩාත් සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයෙන් සිදු කිරීමට, දරුවන් සඳහා ගැළපෙනම ක්‍රමවේදයන්ද භාවිත කෙරේ. Atlas World අධ්‍යාපනික වැඩසටහන යටතේ අලුතෙන්ම හඳුන්වා දුන් Quiz Master මොබයිල් app එක දැනටමත් Google Play Store හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකිය.

You may also like

Leave a Comment