Home » යුනියන් ඇෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට සංවාද වැඩමුළු මාලාවක්

යුනියන් ඇෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට සංවාද වැඩමුළු මාලාවක්

by gayan
October 19, 2024 12:30 am 0 comment

යුනියන් ඇෂුවරන්ස් මඟින් සුවිශේෂ පාරිභෝගික සංවාද වැඩමුළු මාලාවක් ඔස්සේ, යුනියන් බැංකුව සමඟ පවත්වාගෙන යනු ලබන සිය බෑන්ක් ඇෂුවරන්ස් සහයෝගිතාව සවිමත්කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. මෙවර යාපනයේ සහ මාතර පැවැති නවතම සංවාද වැඩමුළුවලට නව බැංකු ගනුදෙනුකරුවන් සමඟ යුනියන් බැංකුවේ බෑන්ඇෂුවරන්ස් පාරිභෝගිකයින් 100කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.

සමස්ත පාරිභෝගික දැනුම්වත්භාවය වර්ධනය කිරීම සැලසුම් කරගත් මෙම සංවාද වැඩමුළු මඟින් අවධානය යොමුකරනු ලැබූයේ පාරිභෝගිකයින්ගේ මූල්‍ය දැනුම ඉහළ නැංවීම කෙරෙහිය. ප්‍රායෝගික දැනුම සහ ක්‍රියාවට නැංවිය හැකි උපායමාර්ගික ක්‍රමෝපායන් පිරිනැමීම මඟින්, නිවැරැදි මූල්‍ය තීරණ ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අවශ්‍ය දැනුම ලබා දීමත්, එමඟින් ඔවුන්ගේ

සාර්ථකත්වයේ සුවිශේෂ මංපෙත් සවිබල ගැන්වීමත් යුනියන් ඇෂුවරන්ස් අරමුණ විය. ඊට අමතරව, මෙම සංවාද වැඩමුළු මඟින් යුනියන් ඇෂුවරන්ස් සහ යුනියන් බැංකුව යන ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ සෘජුව සම්බන්ධවීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට පිරිනමනු සඳහා ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division