Home » නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි

නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි

by yasara
October 14, 2024 10:09 am 0 comment

නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා කොත්තු මී සන්නාමයට නව ආකර්ෂණයක් එක් කිරීමට සමත් වනු ඇත.

සනා ඉතාම කෙටි කාලයක් තුළ රසිකයන් අතරට වේගයෙන් සමීප වූ තරුවක් වන අතර, ඇයගේ ආකර්ෂණීය හඬ “සඳක් වෙලා මනරම්“ ගීතයෙන් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තමාගේ අනන්‍යතාව සනිටුහන් කිරීමට සමත් විය. YouTube සමාජ ජාලයේ සති 6 කට අධික කාලයක් ඉහළම රසික ප්‍රතිචාර ලබාගත් එම ගීතය මිලියන 6 කට අධික නැරඹුම් වාරයක් වාර්තා කිරීම සුවිශේෂී ලෙස කැපී පෙනේ. ඕස්ට්‍රේලියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගීත දර්ශකවලට පවා ඇතුළත් වෙමින්, ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සනාගේ එම ගීතය සමත්වීම විශේෂත්වයකි.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ සනා මෙන් නැගී එන දක්ෂ තරුණ කලාකරුවන්ට ප්‍රීමා කොත්තු මී නිරන්තරයෙන් අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ඔවුන් නියෝජනය කරන තාරුණ්‍යයේ හදගැස්ම හඳුනන සන්නාමයක් නිසාවෙන් බවයි. ප්‍රීමා කොත්තු මී නවතම සන්නාම තානාපතිනිය ලෙස ඇය පත්වීමෙන්, ඇයගේ සංගීත ගමනට ආලෝකයක් ලැබෙනා සේම, ප්‍රීමා කොත්තු මී සන්නාමයටත් නව විචිත්‍රත්වයක් හිමිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකීය යෞවනයේ හද දිනාගත් ප්‍රීමා කොත්තු මී සන්නාමය සමග අත්වැල් බැඳගත් නව සන්නාම තානාපතිනිය සනා සමගින්, ප්‍රීමා කොත්තු මී තවදුරටත් නව පරපුර වෙත සමීප වනු ඇත.

ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිනියන් ලෙස දැනට කටයුතු කරන ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ ගායන ශිල්පිනී අශන්‍යා සමග එක්වන මෙම නව සන්නාම තානාපතිනිය, ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි රසය නව විචිත්‍රත්වයකින් රසවත් කිරීමට සමත් වේ.

ඡායාරූප විස්තර:
වමේ සිට දකුණට: හිම්පා ගුණවර්ධන (අලෙවි කළමනාකාර – සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය), අචල රාමනායක (ජාත්‍යන්තර අලෙවිකරණ හා සංවර්ධන ප්‍රධානී – සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය), සනා, සජිත් ගුණරත්න (සාමාන්‍යාධිකාරී – සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය), ඩොනවන් ඔන්ඩාට්ජි (ජේෂ්ඨ ව්‍යාපාර කළමනාකාර – සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය).

You may also like

Leave a Comment