Home » ජනාධිපතිවරණ වියදම් වාර්තා අවසන් දිනය ඉරිදා

ජනාධිපතිවරණ වියදම් වාර්තා අවසන් දිනය ඉරිදා

by Mahesh Lakehouse
October 12, 2024 12:41 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ඉකුත් ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වූ මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා පනත යටතේ සිය මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන්ට ලබා දී තිබූ කාලය 13 ඉරිදා පස්වරු 3ට අවසන් වන අතර, ඉකුත් 10 වැනිදා වන විට එම වාර්තා ඉදිරිපත් කර තිබුණේ අපේක්ෂකයන් 8 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ඉකුත් ජනාධිපතිවරණයේදී පළමු වරට ක්‍රියාත්මක වූ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත සියලු අපේක්ෂකයන් සිය වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීම අනිවාර්ය වේ. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් ඔක්තෝබර් 13 පස්වරු 3ට පෙර සිය වියදම් වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division