මහානුභාව සම්පන්න දෙවොල් දෙවියො
ඔබගේ දහසක් ප්‍රාර්ථනා සපල කර ගැනීමට දෙවොල් දෙවියන්ට පඬුරු බැදීමේ නිවැරැදි ක්‍රමවේදය පිළිබඳව දැන සිටීම උන්වහන්සේගෙන් අපිරිමිත පිහිට ආධාරය ලබා ගැනීමට ඉතාම පහසු වනු ඇත.
උන්වහන්සේට පඬුරු බැඳීමට අවශ්‍යවන ද්‍රව්‍ය වන්නේ රිඳී පඬුරු 1ක් හා සුදු රෙදි කැබැල්ලක් බුලත්, තැඹිලි තෙල්, පහනක්, සුවඳ කූරූ, සාම්බ්‍රාණි සහ කහ දියරයි.
මෙම ද්‍රව්‍ය මුලින් සපයාගෙන තමන්ට පහසු ස්ථානයක් කහ දියර සහ සඳුන් පැන් ඉස පවිත්‍රකොට දුම් අල්ලා පහන දල්වා මල් මිටක්, බුලත්, පැන් වීදුරුවක් තබා පන්සිල්ගෙන හිත එකඟකර තම කාරණාව සිහිතබා පඬුරු හිර කර අතේ තබා වැඳ පහත කන්නලව්ව එක්වර කියන්න.
•කන්නලව්ව
ශ්‍රී සිද්ධ වහල තේජාන්විත අතිබලසම්පන්න ශ්‍රීමත් දෙවොල් දෙවියන්වහන්ස දෙවොල් සත් භාගයට අධිගෘහිතව ගම් මඩු, දෙවොල් මඩු, ගිනි මඩු, පන්මඩු ආදී සෑම පූජාවකටම දිෂ්ටි හෙලා ගම්භාරව හිඳිමින් සියලු නරයින්ගේ දුක සැප දෙකහිම පිහිට ලබා දෙන බව සත්‍යයි. අදත් මා විසින් මේ කියා සිටින කරුණ නොපමාව පිනට පිහිට වී ඉෂ්ටකර දෙන සේක්වා.
මෙම භාරවීමේ ක්‍රමවේදය බෝවන ලෙඩ රෝග දෙවියන්ගෙන් පැමිණෙන දෝෂවලට, සභාවන් දිනීමට, ගේ වතු ආරක්ෂාව, ග්‍රහ දෝෂ, යක්ෂ ප්‍රේත දෝෂ, සතුරු කරදර, නඩු හබ සමනයට, හදිසි අනතුරුවලින් මිදීමට ආදී මෙකී නොකී ඕනෑම කාරණාවක් සඳහා මෙය ඉතාම බලසම්පන්න බව මගේ අත්දැකීම් මත සහතික කළ හැකිය. මෙපමණක් නොව දෙවොල් දෙවියන්ගේ අති ප්‍රබල බලසම්පන්න ප්‍රතිපල ලබා ගැනීමට මෙය දින පතා සිදු කිරීමෙන් ඔබ නොසිතූ විශේෂිත වූ ප්‍රතිඵල නෙළාගත හැකි බව මාගේ විශ්වාසයයි. මීට අමතරව දෙවොල් දෙවියන් වන්දනා කිරීම හා ආකර්ෂණය ලබා ගැනීමේ සරල ක්‍රමවේද රාශියක් පවතින අතර ඒ සියල්ලද මතුවට බලාපොරොත්තු වන්න.