Home » Sony Kando චාරිකාවේ ශ්‍රී ලාංකික හැකියාවන් බලගන්වයි

Sony Kando චාරිකාවේ ශ්‍රී ලාංකික හැකියාවන් බලගන්වයි

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

Sony ආයතනය විසින් ප්‍රථම වතාවට අග්නිදිග ආසියානු කලාපයේ පවත්වන ලද Kando චාරිකාව පසුගියදා අති සාර්ථකව අවසන් කළේය. ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ දින තුනක් පැවැති මෙම වැඩසටහනට රටවල් නවයකින් නිර්මාණවේදීන් 130ක් පමණ සහභාගී විය. ශ්‍රී ලංකාවේ සුවිසල් කැමරා ආම්පන්න අලෙවිකරු සහ Sony ආයතනයේ ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ බලයලත් අලෙවි කරු CameraLK ආයතනයේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවෙන්, ප්‍රමුඛ චින්තන හැඩගන්වන්නන් (Key Opinion Leaders) සත් දෙනකු සහභාගි විය.

Sony, සන්නාමයක් ලෙස ලොව පුරා නිර්මාණකරුවන්ට අවස්ථා පුළුල් කිරීම සහ බලගැන්වීම සිදුකරන අතර CameraLK ආයතනය, එය වඩාත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ සිටින නිර්මාණ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් ගෝලීය තලයට ඔසවා තැබීමට පසුබිම සකසයි.

You may also like

Leave a Comment