Home » Helpage ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ‘පෙනීමේ ත්‍යාගය’ ඉල්ලා සිටියි

Helpage ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ‘පෙනීමේ ත්‍යාගය’ ඉල්ලා සිටියි

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ඇසේ සුද ඇතිවීම හේතුවෙන් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000කට අධික පිරිසක් පෙනීම නැතිවීමේ අවදානමකට ලක්ව සිටින බැවින් තීරණාත්මක අවශ්‍යතාවයක් වන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 2,000ක් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා Helpage ආයතනය “The Gift of Sight” ව්‍යාපෘතිය අරඹා තිබේ.

HASL විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළේය. “ඇසේ සුද ඉවත් කිරීමේ එක් ශල්‍යකර්මයක් සඳහා රු. 20,000ක් වැය වන අතර රු.400,000ක දායකත්වයකින් එක් දිනක් තුළ ශල්‍යකර්ම 20ක් සිදු කළ හැකියි. ආයතනික සමාජ සත්කාරක සේවා හෝ ආයතනික සේවක ඕනෑම කෙනකුට උපන්දිනයක් හෝ මියගිය ඥාතියකු වෙනුවෙන් සිදු කරන දානමය පින්කමක් හැටියට මෙම උතුම් සත්කාර්යට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් දායක විය හැකියි. මෙහි විශේෂත්වය නම්, යමෙකු එක් අසරණ රෝගියෙකුගේ ඇස් පෙනීම වෙනුවෙන් වියදම් කරන මුදලින් එම රෝගියාගේ ශල්‍යකර්මය සිදු කෙරෙන දින එම දෙදෙනාටම හමුවීමට හැකි වීමයි…”

“සෑම කාරුණික ක්‍රියාවකින්ම, අපගේ අසරණ වැඩිහිටියන්ගේ ජීවිතවලට වෙනසක් ඇති කළ හැකියි. මේ සද්කාර්යයට අප හා සම්බන්ධ වී පෙනීමේ අසාමාන්‍ය තෑග්ග ඔවුන්ට ලබා දෙන ලෙස ආරාධනා කරනවා…”යැයි හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති තිලක් ද සොයිසා මහතා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division