මද ගතිය නිසා මාස තුන හමාරක පමණ කාලයක් වෙන්ව තබා සිටි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් සාලිය හස්ථියාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥානින්ද හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ ආශිර්වාද මැද අද (10) පෙරවරුවේ සිදු කෙරුණි.
1998 වසරේ වසරේදී පින්වල අලිනාථාගාරයේදී මෙලොව එළිය දුටු මෙම හස්ථියා 2003 වසරේදී කතරගම කිරිවෙහර රාජමහා විහාරස්ථානයට පූජා කර තිබේ.
සැම වසරකම ඇසල මාසයේදී මද ගතිය හේතුවෙන් මෙම හස්ථියා වෙන්ව තැබීම සිදු කරයි.
එලෙස මද ගතිය හේතුවෙන් වෙන්ව තබා තිබූ සාලිය හස්ථියාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියනගේ උපදෙස් පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව බැහුම් ලිහීම සිදුකෙරුණි.