Home » කමණි සෙනෙවිරත්නගෙන් කාව්‍ය සංග්‍රහයක්

කමණි සෙනෙවිරත්නගෙන් කාව්‍ය සංග්‍රහයක්

by yasara
October 10, 2024 1:01 pm 0 comment

කමණි කුමාරි සෙනෙවිරත්න මෙනවිය විසින් රචිත “නොමැත නැවතුමක්….! ඇත්තේද හැරවුමක්…?“ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා සිදුවිය.

එහිදී ප්‍රවීන ගත්කතුවර මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා වෙත ග්‍රන්ථයේ මංගල පිළිගැන්වීම සිදු කෙරුණි.

එම කාව්‍ය සංග්‍රහය නිදහස් පරිකල්පනා 46කින් සමන්විත වේ. කමණි කුමාරි සෙනෙවිරත්න මෙනවියගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයවන මෙහි බොහොමයක වස්තු බීජයන් වී ඇත්තේ සමාජයේම ජීවන දර්ශනයන්ය.

ඇය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති සහායිකාවක් ලෙස ක්‍රියාකර ඇත.

කමණිගේ පියා වන්නේ 1972 වසරේ දී ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය ලැබූ හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයෙකු වූ, කලාපති, කලාභූෂණ සහ පුරාවිද්‍යා චක්‍රවර්තී ඇස්. ඇම්. සෙනෙවිරත්න මහතාය. මව හිටපු පාඨශාලාචාරිනියක් වන කලාභූෂණ සහ කිවිපති ප්‍රේමා සෙනෙවිරත්න මහත්මියයි.

සමයවර්ධන මුද්‍රණශිල්පියෝ (පෞද්ගලික) සමාගම විසින් මෙම කාව්‍ය ග්‍රන්ථයේ මුද්‍රණය කර තිබේ.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division