Home » නයින්වෙල්ස් රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල ගිවිසුමක

නයින්වෙල්ස් රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල ගිවිසුමක

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවා සම්බන්ධ නයින්වෙල්ස් පුද්ගලික රෝහල ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම පසුගිය දා අලුත් කළේය. මෙය දෙපාර්ශ්වය අතර පැවති හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමක් වන අතර, මෙමඟින් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් වන රජයේ සේවකයන්ට විශේෂ ප්‍රතිලාභ හිමි වනු ඇත.

මේ යටතේ අග්‍රහාර ප්‍රතිලාභීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහ අනාගත සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා නිසි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම මෙන්ම, දරු උපත්, ළමා සැත්කම්, ස්ත්‍රී රෝග ඇතුළු සේවා රැසකට විශේෂ වට්ටම් ලබා දේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division