Home » යූනියන් ඇෂුවරන්ස් Premier Club විශිෂ්ටත්වය සමරයි

යූනියන් ඇෂුවරන්ස් Premier Club විශිෂ්ටත්වය සමරයි

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, වසරේ දෙවැනි කාර්තුව සඳහා සිය Premier Club සම්මාන උලෙළ මීගමුව ඇවෙන්රා උද්‍යාන හෝටලයේදී පැවැත්විය. උපදේශකයින්ගේ විශිෂ්ට ජයග්‍රහණ අගයමින් සම්මාන පිරිනමන අතරම සේවාලාභීන් වෙත සුවිශේෂ සේවාවක් සැපයීම සඳහා ඔවුන් දිරිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි.

මෙම කාර්තුවේදී, ඉහළම සේවා ප්‍රමිතීන් පවත්වා ගන්නා විශිෂ්ට වෘත්තික කණ්ඩායමක් ගොඩනැඟීම සඳහා සමාගම විසින් දරනු ලබන කැපවීම යළි තහවුරු කරමින්, යූනියන් ඇෂුවරන්ස් Premier Club වෙත නව සාමාජිකයින් 125කට අධික පිරිසක් අනුයුක්ත කරනු ලැබිණි. සේවාලාභීන්ට සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් මුදල් ත්‍යාග, සුඛෝපභෝගී වාහන, සහ විශේෂිත පුහුණු වැඩසටහන් වැනි සුවිශේෂ ප්‍රසාද ඇගැයුම් පිරිනමන ප්‍රමුඛ පෙළේ ඇගැයුම් මණ්ඩලයක් ලෙස යූනියන් ඇෂුවරන්ස් Premier Club ක්‍රියාත්මක වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division