Home » හබරණට ආ සංචාරකයන් ඔරු පාරු සවාරියක

හබරණට ආ සංචාරකයන් ඔරු පාරු සවාරියක

by Mahesh Lakehouse
October 5, 2024 12:32 am 0 comment

සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය ගමනාන්ත අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්වූයේ ‘ෆ්ලෑෂ් පැක්’ සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය. ස්වාභාවික සුන්දරත්වය මෙන්ම සියවස් ගණනාවක් පැරැණි රාජධානිද දාගැබ් මහා වැව්ද සංචාරකයන්ගේ වඩාත් සිත් ගත් ස්ථානයන්ය. 2022 වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 719,978ක් වුවද එම සංඛ්‍යාව 2023 වසරේ 14,87,303ක් දක්වා ඉහළ ගිය අතර මේ වසරේ පළමු මාස 9ට පමණක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 14,84,808කි. මෙරටට පැමිණෙන සංචාරකයන් බහුතරයක් සීගිරිය හා හබරණ සංචාරක පුරවරයන්ට වැඩිපුර ඇල්මක් දක්වන අතර, එසේ හබරණ හා සීගිරියට පැමිණි සංචාරකයන් පිරිසක් ඔරු පාරු යාත්‍රාවක නැඟී කුඩා වැවක සංචාරයක නිරත වන අයුරු මෙසේ කැමරාවට හසු විය.  සේයාරුව – තිලක් පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division