Home » ප්‍රභූ ආරක්ෂාව ගැන අද සවස විශේෂ සාකච්ඡාවක්

ප්‍රභූ ආරක්ෂාව ගැන අද සවස විශේෂ සාකච්ඡාවක්

by yasara
September 30, 2024 12:37 pm 0 comment

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී කැඳවා තිබෙයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ වන විට  ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division