හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති අතර එම නිලධාරීන්ට වහාම පොලිස් මූලස්ථානය වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව කථානායක, නියෝජ්‍ය කථානායක, විපක්ෂ නායක සහ හිටපු ජනාධිපතිවරුන් හැරුණු කොට මෙතෙක් ආරක්ෂාව ලබාදී තිබුණු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඉවත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හට ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු හා අමාත්‍යවරයකුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හය දෙනකු බැගින් අනුයුක්ත කර තිබිණි. එහෙත් අරගලය සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වූයේ යැයි කියන තර්ජන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හටද සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හය දෙනකු බැගින් ලබාදීමට තීරණය කෙරිණි.
ඇතැම් අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි යුද හමුදා ආරක්ෂාවද යොදවා තිබූ අතර එම නිලධාරීන්ද මේ වන විට ඉවත් කර ඇත. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මෙන්ම ආගමික නායකයින් පිරිසකටද මෙලෙස ආරක්ෂක නිලධාරීන් ලබාදී තිබූ අතර ආගමික නායකයින් වෙත ලබාදී තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අදාළ අංශවල අවධානය යොමුව ඇත.