Home » ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය එළිදැක්වේ

ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය එළිදැක්වේ

by Mahesh Lakehouse
September 28, 2024 12:32 am 0 comment

ලක්දිව උතුරුකරයේ ඉතිහාසය පිළිබඳව තෙවසරක් පුරා කරන ලද පර්යේෂණයන් අනුව රචනා කරන ලද’ ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය’ කෘතිය පසුගියදා කොල්ලුපිටිය සුමති හෝල්ඩින්ස් ශ්‍රවණාගාරයේදී එළි දැක්විණි.

ග්‍රන්ථය ජගත් සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් විද්වත් ලේඛක මඬුල්ලක් සමඟ එක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සමීර ප්‍රසංග යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සමිත් කල්හාර ලියනගේ මහතාගේ සහාය සංස්කණයෙන් සම්පාදනය කරන ලද අතර ආචාර්ය ඉෂංක මල්සිරි, පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න, මුහුදු පුරාවිද්‍යා නිලධාරී ඉන්දික උපුල් හේවගේ, පුරාවිද්‍යාඥ අමා වන්නිආරච්චි, විනුක විදානපතිරණ යන මහත්ම මහත්මින්ගේ ලිපි රැසක්ම මෙහි අන්තර්ගත වී ඇත.

පොත එළිදැක්වීමේ මහෝත්සවයට දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division