Home » ශිෂ්‍යත්ව ගැටලුව ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

ශිෂ්‍යත්ව ගැටලුව ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

by Mahesh Lakehouse
September 28, 2024 12:38 am 0 comment
රසික කොටුදුරගේ

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළඹෙන 04 වැනිදා (සිකුරාදා) වන විට වාර්තාවක් ලබා දෙන ලෙස එලෙස විභාග දෙපාර්තමේන්තුවට මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් මස 26 වැනිදා කොමිසමට කැඳවූ අවස්ථාවේදී මේ බව දන්වා ඇත.

මානව හිමිකම් කොමිසම පවසා සිටියේ ප්‍රශ්න පත්‍රය පිටවිම හේතුවෙන් දරුවන්ගේ මානව හිමිකම් කඩවීම මෙන්ම විභාගය යළි පැවැත්විම හේතුවෙන් ඔවුන්ට සිදුවන මානසික බලපෑම යන කාරණා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත් දරුන්ගේ මව්පියන් විසින් පැමිණිලි රැසක් මානව හිමිකම් කොමිසමට යොමු කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දෙමින් අවධාරණය කර සිටියේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division