Home » HelpAge සිදු කරන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා AIA සහාය

HelpAge සිදු කරන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා AIA සහාය

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

එය, ආධාර උපකාර අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් AIA ලබා දෙන පරිත්‍යාගයකි. ඉන් ඇසේ සුද නිසා පෙනීම දුර්වල වූ රෝගීන් 10 දෙනෙකු හට සැත්කම් සඳහාදායකත්වය ලැබෙනු ඇත. එමඟින් එම රෝගීන්ගේ පෙනීම යථාතත්ත්වයට පත්කිරීම පමණක් නොව, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරමින් සිය ආදරණීයයන්ටත්, සමාජයටත් ඔවුන්ගේදායකත්වය සහ සහයෝගය ලබා දීමේ හැකියාව ඇති කරයි. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම පරිත්‍යාගය ලබාදෙන ලද්දේ, මෙවර වෙසක් මංගල්‍යයට සමඟාමීව දියත් කරන ලද ‘පියවර පූජා’ නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනතා සහභාගිත්වයෙන් ආලෝකමත් කරන ලද ඩිජිටල් වෙසක් තොරණ ඔස්සේ සමාජය වෙත ලබා දුන් පණිවිඩය වඩාත් අර්ථවත් කරලීමේ අරමුණෙනි. මෙම පියවර පූජාවට සහභාගී වී AIA ඩිජිටල් තොරණ ආලෝකමත් කරමින් ලබා දෙන ලද සෑම ප්‍රතිඥාවක් සඳහාම, AIAවෙතින් HelpAge ශ්‍රි ලංකා ආයතනය වෙත පරිත්‍යාගයක් ලබා දෙන ලද අතර, එම මුදල් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොදා ගනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division