Home » ඒ.බී. මෞරි ලංකා නවීනතම අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රය එළිදක්වයි

ඒ.බී. මෞරි ලංකා නවීනතම අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රය එළිදක්වයි

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

යීස්ට් සහ බේකරි අමුද්‍රව්‍ය සපයන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවකු වන ඒ බී මෞරි ලංකා සමාගම සිය අතිනවීන අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම නිවේදනය කරයි. නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත මෙම පහසුකම මඟින් සැලසුම් කර ඇත්තේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සහ උසස් තත්ත්වයේ අයිසිං සීනි සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට කටයුතු කිරීමයි. මෙම යන්ත්‍රය ATEX (EU) සහ EHS ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරන නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් යුතුය. එය ඇඹරුම් ක්‍රියාවලිය පිළිබඳ නිශ්චිත පාලනයක් ලබා දෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස උසස් නිෂ්පාදනයන් සිදු වේ. එසේම වැඩිදියුණු කළ ආරක්ෂාව, උෂ්ණත්වය පාලනය කරන පරිසරය, නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම සෙසු ලක්ෂණ වේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මැතිතුමා අතින් මෙම අයිසිං සීනි ඇඹරුම් යන්ත්‍රය නිල වශයෙන් විවෘත කෙරුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division