Home » Orient Finance PLC 43 වැනි සංවත්සරය සමරයි

Orient Finance PLC 43 වැනි සංවත්සරය සමරයි

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

දශක 4කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගත් Orient Finance PLC ආයතනය සිය 43 වැනි සංවත්සරය පසුගිය ජූලි 26 වැනිදා සැමරීය. 1981 වසරේ ආරම්භ කළ Orient Finance PLC ආයතනය, මුල්‍ය වර්ධනය සහ මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන් මිලියන 350ක ලාභයක් සහ බිලියන 20කට වැඩි මුල්‍ය වත්කම් වර්ධනයක් සමග අසමසම ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ඉලක්කගත ක්‍රියාත්මකවීම් සහ මුදල් පූර්ණය කරගැනීමේ උපායමාර්ගික එළැඹුම් සාර්ථක කරගැනීම් හරහා Orient Finance PLC ආයතනය, තමන්ගේ මුල්‍ය ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් අනාගතයට තිරසර වර්ධනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මාවත සකස් කරගෙන තිබේ.

You may also like

Leave a Comment