Home » ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය සී. අයි. ඩී. පරීක්ෂණයෙන් පසුවයි

ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය සී. අයි. ඩී. පරීක්ෂණයෙන් පසුවයි

by Mahesh Lakehouse
September 21, 2024 12:35 am 0 comment
සුභාෂිණි ජයරත්න

පසුගිය 15 වැනි දින පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට වූ චෝදනා මත සිදුකරමින් යන මූලික විමර්ශන වාර්තාවේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ ප්‍රතිඵල ලැබීමෙන් පසු විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇත්නම් විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර පැවැත්වූ මූලික පරීක්ෂණ වාර්තාව පිළිබඳව සොයාබලා කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කඩිනමින් සිදුකරගෙන යයි. පරීක්ෂණ ප්‍රතිඵල ලැබී අවසන් වන තෙක් විභාග පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අත් හිටුවා ඇති අතර, දූ දරුවන්ට අසාධාරණයක් සිදු කරන්නට යම් පාර්ශ්වයක් මැදිහත් වී ඇත්නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ලේකම්වරිය වැඩිදුරටත් පැවැසීය. එසේම විභාග දෙපාර්තමේන්තුව විසින් උපකාරක පංති තහනමක් පැවැත්වුවද මේ හරහා පෙනී යන්නේ ඊට පටහැනිව නීති විරෝධී ක්‍රියාකර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද නිත්‍යනුකූල පියවර ගැනීමට සූදානම් වන බවත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division