Home » ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීම ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීම ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

ආර්ථික විද්වත්හු පවසති

by Mahesh Lakehouse
September 21, 2024 12:36 am 0 comment
ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග සහ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සිරි­මල් අබේ­රත්න

ශ්‍රී ලංකාවණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට අදාළව පසුගියදා එළැඹි එකඟතාව මෙරට ආර්ථික ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

එම එකඟතාවට අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට තිබූ සීමා ඉවත් වන බවත් මෙරට විනිමය අනුපාතයන් සහ මහ බැංකුවේ විදේශීය සංචිත ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙන බවත් පහතට වැටී තිබු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කෙරෙන මූලික කොන්දේසි සැපිරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල්

අබේරත්න සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

මහත්වරුන් විසින් පෙන්වා දී ඇත්තේ වසර 2022දී බංකොලොත්භාවය කට පත් වූ ශ්‍රී ලංකාව වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට බංකොලොත්භාවයෙන් මිදීම ආර්ථික වශයෙන් බිඳවැටුණු රාජ්‍යයන් ගොඩඒමට ආදර්ශයක් කර ගත යුතු ලෝක තත්ත්වයක් බවයි.

එක්සත් ජනපද ඩොලර් බිලියන 84ක ණය කන්දක් ආපසු ගෙවීම සඳහා තුන් ආකාරයකට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට මේ වනවිට ආණ්ඩුව සමත් වී ඇති බවද ඔවුහු පවසති. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කොට සහන ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන ණය තිරසරගත කිරීමේ රාමුව සහ ඒ සමඟ ඉදිරිපත්ව තිබෙන ඉලක්ක අනුව 2032 වසර වන විට අපේ ණය බර අඩු විය යුතුයි, ඒ වගේම ලබා ගන්නා ණය ප්‍රමාණය අඩු විය යුතු අතරම විදේශ ණය ගෙවීට තිබෙන හැකියාව වැඩිවිය යුතුයි.

ආර්ථික වර්ධනය වේගවත් වීම අනුව 7%-8%ක වාර්ෂික ආර්ථික වර්ධනයකට යනවා වගේම එය වසර 10-20ක් දිගු කාලයක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නැති වුවහොත් අපට නැවතත් අස්ථාවර ආර්ථික අනාගතයකට මුහුණදීමට සිදු වෙනවා.

You may also like

Leave a Comment