Home » පළමු ඡන්ද ප්‍රතිඵලය ඉරිදා අලුයම

පළමු ඡන්ද ප්‍රතිඵලය ඉරිදා අලුයම

by Mahesh Lakehouse
September 21, 2024 12:39 am 0 comment
තාරක වික්‍රමසේකර

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ඉරිදා අලුයම වන විට ලබා දීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිළුමිණට කීය.

කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කරන්නේ නිලධාරීන් විසින් නිල ප්‍රතිඵල ලබා දීමෙන් පසුව බව කී කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත නිකුත් කරන්නේ අපේක්ෂකයන් 38 දෙනාගේම ප්‍රතිඵල සහිතව බව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් තැපැල් ඡන්ද ප්‍රතිඵල ඊට පෙර ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මාධ්‍ය මාධ්‍ය තරගයට ඡන්ද ප්‍රතිඵල ලබාදීමට හැකියාවක් නොමැති බවත් මාධ්‍ය තරගයට කොමිෂන් සභාවට දිවීමට නොහැති බවත් පැවසූ ඒ මහතා කොමිෂන් සභාව ලබාදෙන නිල ප්‍රතිඵල පමණක් සලකා බලන ලෙස දන්වා සිටියේය.

You may also like

Leave a Comment