රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැනම කතා කරල සාකච්ඡාව ආරම්භ කළොත්..
දේශපාලන වාතාවරණය ජනාධිපතිවරණයත් එක්ක සැලකිය යුතු ලෙසින් සංකීර්ණ වෙලා තියෙන්නෙ. ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් තමන් ජයග්‍රහණය කරනව කියල එක එක්කෙනා ‘මස්පිඬු‘ පෙන්වමින් ඉන්නවා. ණය ගෙවීම් ආරම්භ කරලත් නැති රටේ, ජනාධිපතිවරණයෙන් පසුව තමයි ඇත්ත වශයෙන්ම සංකීර්ණ තත්ත්වය ඇති වෙන්නෙ. ජයග්‍රහණය කරන සටන අරඹන්න වෙන්නෙ 21 වැනිදායින් පස්සෙ.
ප්‍රධාන පෙළේ හැම අපේක්ෂකයෙක්ම කියනව තමන් ජයග්‍රහණය කරනව කියල, තමන්ට බලය දෙන්න කියල, දේශපාලන කෝණයෙන් ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?
ජනාධිපතිතුමා කියනව එයා රට ගොඩගත්ත නිසා රට ඉදිරියට ගෙනියන්න එයාට බලය දෙන්න කියල, සජිත් ප්‍රේමදාස මහත්තය කියනව එයාට තමයි හොඳම පිරිස ඉන්නෙ ඒක නිසා රට කරන්න එයාට දෙන්න කියල. අනුර කුමාර දිසානායක කියනව වෙනසක් කරන්න එයාට බලය දෙන්න කියල, පරණ ප්‍රභූ පෙළැන්තිය පලවා හරින්න, සියලු දෙනාට සමාන අවස්ථා දෙන්න එයාට බලය දෙන්න කියල.
මේ අපේක්ෂකයන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශන විමර්ශනාත්මක ඇසින් බැලුවොත්…..
හැමෝම එක එක විදිහට ප්‍රතිඥා දීල තියෙනවා; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යන මේ ගමන දිගටම යන්න. බදු ප්‍රතිපත්තියේ වෙනසක් කරන පැහැදිලි ගමනක් කාගෙවත් නැහැ. ඒ නිසා අපි හිතනවා; ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම ඉන්දියාවෙ දේශපාලනයට; ඒ වගේම අදානි, අම්බානි වගේ අයට මෙරට බලශක්තිය ලබා ගැනීමට දරන උත්සාහයට මේ අයගෙ විසඳුම් නැහැ කියල. ඒ හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම එකම දේ විවිධ විදිහට අර්ථකථනය කරල තියෙන්නෙ.
ඒ නිසා ජනතාව දිනවීම පිණිස වෙනත් ගමනක් යා යුතුයි.
ඒ පිළිතුර තවත් පැහැදිලි කළොත් …..
ජනාධිපතිතුමා නම් පැහැදිලිවම කියල තියෙනවා මේ දක්වා අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ සමයේ ගල් රෝලක් නැවතුණා වගේ එක පාරටම ආර්ථීකය නැවතුණා. ඒ ගල්රෝලට දැති රෝද හයිකරල හරි ජනාධිපතිතුමා එතැනින් ගොඩගත්තත් ජනතාවට තියෙන පීඩනය අඩු වෙලා නැහැ. විදුලි බිල ගෑස් වගේ අත්‍යවශ්‍ය දේ වැඩි වුණේ ඒ නිසයි. සජිත් ප්‍රේමදාස මහත්තය කියන්නෙ අපි තමයි පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කිව්වෙ කියල; ඒ කියන්නෙ සුපිරි ධන කුවේරයන්ට සහන දීලා සාමාන්‍ය ජනතාවට බර දීම තමයි ඒ හරහා වෙන්නෙ. එයාලගෙ සැලැස්මෙ තියෙන්නෙත් ඒකම තමයි.
අද වෙනකොට අනුර කුමාර දිසානායක මහතාත් එතෙන්ටම පත්වෙලා තියෙනවා. එයාලත් ඍජුව නොකිව්වට එයාලගෙ ප්‍රතිපත්තියේ තියෙන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ජනතාව පීඩාවට පත් කිරීමයි. සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කරනවා පරණ මාක්ස්වාද තත්ත්වයක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙ කියලා භීතියක් මවා පෙන්වන්න. නමුත් අනුර කුමාර දිසානායක පවා මේ වෙනකොට ව්‍යාපාරිකයන්ට කියමින් ඉන්නේ ඔවුන් නිදහස් අධ්‍යාපනය; සෞඛ්‍ය ආදිය පෞද්ගලීකරණය කරන බව. මේ එක දේශපාලන නායකයෙක්වත් හරියට කියන්නෙ නෑ ආර්ථික අර්බුදයෙන් රට හරියට ගොඩගන්නෙ කොහොමද කියල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්නපු පාරෙම යන්න උත්සාහ කරනව මිසක් වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි එළියට ආ යුතුයි කියලයි.
ඔබ හිතනවද එය කියනව වගේ පහසු කටයුත්තක් කියල
සමහරු නම් හිතනව බැහැ කියල. මේ සමහර ණය අපට බලෙන් පටවපුවා. සමහර ණය දේශපාලකයන්ගෙ අවශ්‍යතා මත දීපුවා; ණයක් දෙනකොට පොඩි බැංකුවකින් වුණත් බලනව ආපහු දෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියල; නමුත් ඇතැම් ණය දීමේදී ඒ සම්බන්ධව අවධානය යොමු කරල නැහැ. ඒ ණය යොදා ගන්නෙ කුමන කරුණකටද; ඒ හරහා ආදායම් උත්පාදනය වෙනවද; කියල විමර්ශනයක් කරල නැහැ. ඉක්වදෝරය වගේ රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බැහැර වුණා.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා තමයි අද අපට මේ තරම්වත් හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ රටක සංවර්ධනයට උදවු කරන ආයතනයක් නෙමෙයි. යුද්ධය අවසන් වුණාට පස්සෙ අපට බිලියන 2.9ක ණයක් දුන්නා. ඒ වෙනකොට උතුරින් මානව හිමිකම් චෝදනා එල්ල වෙමින් තිබුණා. මාධ්‍යවේදීන් අතුරුදන් වෙලා; සුදු වෑන් සංස්කෘතියත් තිබුණා. එහෙම කතිකාවක් තියෙන රටක් කෙරෙහි සොයා බැලීමකින් තොරව කටයුතු කරනව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමක් නෙමෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු දෙනාටම සහන දෙන බවක් කියනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කරල තියෙන්නෙ ‘සාර සංග්‍රහ ප්‍රතිපත්තියක්’ වගේ එකක්. ඒ කියන්නෙ සියලු පාර්ශ්ව සතුටු කරන්න හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.
ගොවියන්ට දෙනවා ගොවියන්ට සිත සනසන ප්‍රතිපත්ති; සංස්කෘතික අගයන අයට ඒ අයට ගැළපෙන ප්‍රතිපත්ති; රාජ්‍ය සේවකයන්ට ඒ අයට හිත සැනසෙන ප්‍රතිපත්ති; ව්‍යාපාරිකයන්ට ඒ අයට සහන ලැබෙන ප්‍රතිපත්ති; බලපුවහම හැමෝටම හොඳ ප්‍රතිපත්ති තියෙන්නෙ.
ඔබ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සඟවා ඇති බවක්. මේ විදිහට ජවිපෙ ප්‍රතිපත්ති හංගන්නෙ ඇයි කියලද ඔබ සිතන්නේ.
ජවිපෙ සමහර අය කියනවා ඇත්ත කියල බලය ගන්න බැහැ කියල; හරිනි අමරසූරියත් කිව්වා ජනතාවට ඔක්කොම කියන්න ඕන නැහැ කියලා. මම ඔවුන්ට පණිවුඩයක් දෙනවා; උඳු වපුරලා තල නෙළන්න බැහැ කියල; උඳු වැපුරුවොත් උඳුම තමයි නෙළාගන්න වෙන්නෙ. එයාල සුපිරි ව්‍යාපාරිකයන්ට පොරොන්දු දීලා නිදහස් වෙළෙඳ ආර්ථිකය ගෙනියනව කියල තව එකක් කරන බව කියනව. සෞඛ්‍යය, අධ්‍යාපනය පෞද්ගලික අංශය හා එක්ව කටයුතු කරන බව කියල ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ වෙලා ඉන්නෙ. ඒ වටා විශාල පිරිසක් ධන කුවේරයන් පිරිසක් ඉන්නවා. මේ දෙක පෑහෙන්නෙ නැහැ. එතකොට එයාලට සාමාන්‍ය ජනතාව අදාළ වෙන්නේ නැහැ.
ඒ වුණත් ජනතා විමුක්ති පෙරමුණ මෙරට සම්පත් විදේශයන්ට අලෙවි කිරීමට පෞද්ගලික අංශයන්ට ලබා දීම වෙනුවෙන් එළිපිටම හඩ නඟනවනෙ.
ඕකට මම හොද උදාහරණයක් දෙන්නම්; කොළඹ වරායෙ නැව් තෙල් අංශය ගැනත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියල තියෙනවා; ඒකෙන් ලැබෙන ආදායමෙන් ඉන්ධන නොමිලේ දෙන්න පුළුවන් කියල ජනතා විමුක්ති පෙරමුණ කලින් කිව්ව.
කොළඹ වරාය කියන්නෙ ලෝකෙ තියෙන වරායන් අතුරින් 25 වැනි හොඳම වරාය. අවට මුහුදු මාර්ග නිසා කොළඹ වරාය ඉතාම ජනප්‍රිය ස්ථානයක්. ඉන්දියාවෙවත් නෑ මේ වගේ වරායක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේ මේ නැව් තෙල් අංශය මෙරට පෞද්ගලික ආයතනයකට ලබා දුන්න. ඒකට විශාල හඬක් ජනතා විමුක්ති පෙරමුණෙන් ආවා. පසුව එය ආපසු ලබා ගෙන යළිත් කොටස් 3කට වෙන් කරල ලබා දුන්න. එයින් එක්කොටසක් අර පළමු සමාගමටම දුන්න. ඒ සියල්ලටම විරෝධය දක්වපු ජනතා විමුක්ති පෙරමුණ අද තම ආර්ථික ප්‍රතිපත්ති ඒ ආයතනයටම ඉදිරිපත් කරනවා. ඒවත් එක්ක ගනුදෙනු තියෙනවා; ජාතික ජනබලවේගයේ ආර්ථික සැලැස්ම දෙන්නෙ ඒ අයට.
ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්ම ඔබ දකින්නේ කෙසේද?
ආර්ථිකය නිසි ආකාරයෙන් හැසිරවීම ගැන ජවිපෙ පැහැදිලි දැක්මක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියල තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරනව කියල. ඒ කොහොමද කියල නැහැ.
ඒ අය ආමන්ත්‍රණය කරල තියෙන්නෙ ඉහළ මැද පන්තියට. මැද පන්තිය බලාගෙන ඉන්නව තමන්ගෙ ඉඩමක් විකුණල හරි දරුවන්ට උගන්වන්න. පිටරට විශ්වවිද්‍යාලයකට යවන්න. එහෙම කරන්න පුළුවන්ද බැරිද කියන එක නෙමේ ප්‍රශ්නය. ඒ අය හිතාගෙන ඉන්නව එහෙම කරන්න පුළුවන් වෙයි කියල. නමුත් ජවිපෙ ප්‍රතිපත්ති අනුව අන්තිමට වෙන්නෙ මේ රටේ නිදහස් සෞඛ්‍යයි; නිදහස් අධ්‍යාපනයයි දෙකම මුදලාලිලාට යට වෙන එකයි.
එහෙම වෙන්න බැහැනෙ ජවිපෙ කියන්නෙ මේ රටේ සම්පත් රැකගන්න නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය රැකගන්න හඬ අවදි කරනව කියලනෙ..
මම කලින් කිව්ව වගේ මේ රටේ මැද පන්තිය බලාපොරොත්තු වෙන්නෙ පෞද්ගලික චැනල් තියෙන්න ඕන; පෞද්ගලික විශ්වවිද්‍යාලයන් පවා තියෙන්න ඕන කියලනෙ. ඒක නිසා යම් හැකියාවක් තියෙන අය කොහොම හරි දරුවන්ට පෞද්ගලික අංශයේ සහායෙන් උගන්වන්න බලනව. ඒක තමයි මම කිව්වෙ ඉඩම් හරි විකුණල උගන්වන්න බලනව කියල.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලන්න. ඒකෙ තියෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල; පෞද්ගලික පාසල් රජයෙන් නියාමනය කරනව කියල. ඒව දැනට තියෙන්නෙ සමාගම් නීතිය යටතේ. රජයෙන් නියාමනය කරනව කියන්නෙ ඒ අය ප්‍රමිතියක් ගේනව ඒ පාසල් විශ්වවිද්‍යාලවලට; ඒ කියන්නෙ ආණ්ඩුවෙන්ම ඒව අධීක්ෂණය කරනව. ධන කුවේරයන්ගෙ සාක්කුනෙ ඒකෙන් තර වෙන්නෙ. අන්තිමට ඒ විශ්වවිද්‍යාල උපාධියකට කෝටියක් දෙකක් විතර මිල නියම කරහම කොහොම හරි ඒ උපාධිය ලබා දෙන්න අම්මල තාත්තල කටයුතු කරනව.
ඒ කියන්නෙ උපාධිය මුදලට විකිණෙනව. ඒ විතරක් නෙමෙයි උගත් ආචාර්ය, මහාචාර්යවරු රුපියල් 75000ක් 80000ක් වගේ වැටුපකට රජයේ විශ්වවිද්‍යාලවල ඉන්නකොට ඒ අයට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලක්ෂ 10ක විතර වැටුප් තලයක් දෙන්න කතා කරහම මොකද වෙන්නෙ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටෙනව.
සෞඛ්‍ය අංශයටත් ඒ ටිකම තමයි. අපේ රටේ බස් රථ ගමනාගමනයට මොකද වෙලා තියෙන්නෙ. පෞද්ගලික බස් රථ තනිකරම ලාභයක් තකා විතරනෙ දුවන්නෙ. ගාල්ලෙ ඉඳල එන බස් එක කළුතරින් නවත්තල කියනව; සෙනඟ නෑ අපිට යන එක පාඩුයි කියල; ඉතුරු සල්ලි දෙනව පුළුවන් විදිහට යන්න කියල. සල්ලිම නැවත පැටවු ගස්සන රක්ෂණ සමාගම්හි හිමිකරුවන්ට නැත්නම් සුපිරි ධන කුවේරයන්ට පාසල් රෝහල් දුන්නහම වෙන්නෙත් ඒ ටිකමයි. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ දර්ශනය නැත්නම් ඔවුන්ගේ සත්‍යය වසන් කරනව.
ජනතා විමුක්ති පෙරමුණ සත්‍යය වසන් කරනව කියල කියන්නෙ පදනම් විරහිතව නේද?
බලය ගන්න නම් ඇත්ත කියල බෑ කියල ජවිපෙ දන්නව. ඒක හරිනි අමරසූරිය කියපු බවත් මම කිව්වනෙ. ජවිපෙ එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියත් එක්ක සභාගයක් ගැහුව්වා, අදත් සභාගයක් ගහල තියෙන්නෙ. අද ගහල තියෙන්නෙ පක්ෂයක් එක්ක නෙමේ සිස්ටම් එකත් එක්ක සභාගයක්.
සිස්ටම් එකත් එක්ක කෙහොමද සභාග ගහන්නෙ..
2022 අවුරුද්දෙ මේ රටේ ව්‍යවස්ථාවට ඉහළින් ජනතා පරමාධිපත්‍යය ගියා. ජනතාවගේ ඒ හැරවීම; හොරකම එපා කියපු ජනතාව මේ පැත්තට හැරෙද්දි ජාතික ජන බලවේගය මේ සිස්ටම් එකත් එක්ක සභාගයක් ගහපු එක තමයි කළේ.
ඒ කියන්නෙ ජවිපෙ ප්‍රතිපත්ති මාරු කරලද
එයාල පරණ ප්‍රතිපත්තිවලින් කිසිම පැකිළීමක් නැතුව ධනේෂ්වර ප්‍රතිපත්තිවලට මාරු වෙලා තියෙනව. ඒත් ජවිපෙට හිමි ‘සන්නාමය’ භාවිත කරනව. අපි කාලෙකදි ස්වයං විවේචනයක් කළා. අපෙන් වෙච්ච අඩුපාඩු ගැන. 71 කැරැල්ල වගේම 88/89 පරාජයන් ගැනත් අපි කතා කළා. පරාජයක් වුණත් ඒක ශ්‍රේෂ්ඨ පරාජයක්.
ඒ අවස්ථාවලදි මෙන්ම ඒ හරහා ජවිපෙට තිබුණු ඒ සන්නාමය තමයි ජවිපෙ අද ‘මාකට්’ කරන්නෙ. ඒ කියන්නෙ ජවිපෙ හොරකම් කරන්නේ නැහැ; රටට ආදරෙයි; අවංක කැපවීමෙන් වැඩ කරනව; ජනතාවට ආදරෙයි; කියන සන්නාමය තමයි ඒ අය භාවිත කරන්නෙ.
ඒ සන්නාමය ආවෙ ඉතිහාසයෙන්. ඉතිහාසයෙන් ආව ඒ බ්‍රෑන්ඩ් එක හරහා ජවිපෙ අද කරන්නෙ තමන්ගෙ මාර්ගය ඒ සන්නාමය භාවිත කරන එකයි.
නමුත් ඇති නැති පරතරය මේ විදිහටම යන ක්‍රමයක් තමයි එයාල නිර්මාණය කරන්න ඉන්නෙ.
ඒ කියන්නෙ ජවිපෙ නැත්නම් ජාතික ජන බලවේගය හරහා සමාජවාදයක් ගොඩ නැෙඟන්නෙ නැද්ද
ඔවුන් ප්‍රසිදධියේම කියනව සමාජවාදයෙන් අයින් වෙලා ඉන්නෙ කියල. ඒ අය ඒ සටන අත්හැරල තියෙන්නෙ; නමුත් කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණ වී තියෙනව. ඒකට මාක්ස්වාදය? සමාජවාදයද අදාළ නැහැ. ඒ එක්කම කියන්න ඕන මේ වෙලාවෙ සජිත් ප්‍රේමදාස භීතියක් මවනව අතීත සිදුවීම් පවා ගෙනහැර දක්වමින්.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නේ නැහැනෙ.
ඔව්, ඇයි ඒ; ඒ මාතෘකාවට ඇතුළු වෙන්න ජවිපෙ කැමති නැහැ. ඒ මාතෘකාව කතා කරන්න ගියොත් දිගටම කතා කරන්න වෙන නිසා.
ඒ කියන්නෙ ජවිපෙ අතීතය අමතක කරලද? නැත්නම් ඔවුන් අතීත විරුවන් අමතක කරලද?
අද ජවිපෙයක් ඇත්තටම නැහැනෙ. එක් එක් අය එකතු වෙච්ච ජාතික ජන බලවේගයනෙ තියෙන්නෙ. ජවිපෙ අතීත සාමාජිකයා ඒ ඉතිහාසයට ආදරෙයි. නමුත් කිසිම දෙයක් නොදන්න අයත් ඉන්නවා විවිධ ආචාර්ය, මහාචාර්යවරු සම්බන්ධ වෙලා ඉන්නව. එක් එක්කෙනාගෙ එක එක අරමුණු ඇති.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ රතු කොඩිය අත්හැරල ඉවරයි; එය භාවිත කරනවනම් භාවිත කරන්නෙ මම අර කලින් කිව්ව සන්නාමය ආරක්ෂා කර ගන්න විතරයි.
ඒ කියන්නෙ රෝහණ විජේවීර ගොඩනංවපු මතවාදය මියගිහින්ද?
රෝහණ විජේවීර කියන්නෙ සුවිශේෂී අත්දැකීම් ගොඩක් තිබුණු සමාජවාදය හරහා පමණක් ඔහු මාක්ස් ලෙනින්වාදය ලංකාවට ගැළපෙන ලෙස ඉදිරිපත් කළ අයෙක්. ඒ වගේම ඔහුගේ ප්‍රාර්ථනාව වුණේ සෙසු අය තමා පසුකර යන්න ඕන කියලයි. නමුත් අද ජවිපෙ ක්‍රියාකාරීත්වය වමේ ව්‍යාපාරයන්ට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නෙ. ජවිපෙ වගේ දේශපාලන ව්‍යුහයක් අද දක්ෂිණාංශික වීම වමේ දේශපාලන පක්ෂවලට ලොකු ගැටලුවක්.
ඔබ ඇයි මේ පක්ෂය ගොඩ නැඟුවෙ
ජවිපෙ අර්ධයකට වැඩි පිරිසක් එක්ක තමයි මේ පක්ෂය ගොඩ නැඟුවේ; අපි පක්ෂය තුළ අඩුපාඩු හඳුනා ගත්තා; සාධනීය තැන් අපි දියුණු කළා. ඒ වගේම ජාතික ප්‍රශ්නවලදි කටයුතු කළ යුතු ආකාරය ගැන අපි අලුතින් හිතුවා.
පසුගිය ජූලි 31 වෙනිදා අපේ පරමාර්ථ අපි පැහැදිලිව ඉදිරිපත් කළා. ඉදිරි ගමන වෙනුවෙන් නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කළා. අපේ පරමාර්ථ කවුරුත් කරන්නෙ නැහැ.
මේ ගමන් මඟ ඔබ දකින්නෙ කොහොමද?
අපි බලන්න ඕන ජනතාව ගැනයි. ජනතාවගේ අනාගතය ගැනයි බලන්න ඕන. දැන් ජාතික ජන බලවේගය ඉන්නෙ ධනේෂ්වර පන්තියක් එක්ක. පොදු ජනතාවගේ ජයග්‍රහණ ලබන්න තියෙන එකම මාවත; වැඩ පිළිවෙළත් එක්ක; කෙටිකාලීන ප්‍රතිසංස්කරණයක් අප ඉදිරිපත් කරල තියෙන්නෙ. විධායකය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රම සංශෝධනය, බදු ක්‍රමය වෙනස් කිරීම මෙන්ම අවුරුදු 5ක් ගත වනතුරු ජනතා නියෝජිතයන් වෙනස් කළ නොහැකි ක්‍රමය වෙනස් කිරීම වගේම ජනතාව දෛනිකව දේශපාලනයට සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් අප යෝජනා කරල තියෙනවා.
ඔබ සිතන්නේ ජනතාවට සහන දෙන්න වගේම රට ආර්ථිකයෙන් නොවැටෙන්න මේ බදු ඉවත් කිරීමෙන් පුළුවන්ද?
උපයන ප්‍රමාණයට අනුව බදු අය කිරීමේ අනුක්‍රමික ක්‍රමවේදයක් තිබිය යුතුයි. නමුත් මේ අය ධන කුවේරයන්ට තවත් ඉහළට යන්න වගේම පොඩි මිනිහා තවත් තැෙළන බදු ප්‍රතිපත්තියක් ඉහළට ගෙනියන්න හදන්නෙ. ඉන්ධන වගේම විදුලි බිලටත් ඒ වගේම ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද සුපිරි වාහනේටත් එදා වේල හම්බකරගෙන කන ත්‍රිරෝද රථයටත් එකම මිලට ඉන්ධන දෙන්නෙ.
යතුරු පැදි වගේ කුඩා වාහනවලට, පොදු ප්‍රවාහනයට සහන මිලකට ඉන්ධන ලබා දෙනවා වගේම සුපිරි රථවලට වැඩි මිලකට ඉන්ධන ලබා දිය යුතු වෙනවා.
විදුලි බිලත් ඒ වගේම තමයි පළමු ඒකක 30 අඩු ආදායම්ලාභීන්ට නොමිලේ ලබා දීමත් ඒකක 60ක් දක්වා භාවිත කරන අයට සහන මිලක් හා ඉහළ පරිභෝජකයන්ට සැලකිය යුතු මිලක් අය කළ යුතු වෙනවා.
වාමාංශික දේශපාලනික පක්ෂ බොහෝ විට ආර්ථික වශයෙන් පහළ මට්ටමක තිබුණෙ. කැට හොල්ලමින් පවා මුදල් එකතු කළා. අද මොකද වෙලා තියෙන්නෙ.
අපි දන්නව ජනාධිපතිවරණයට ඇතැම් අපේක්ෂකයන් බිලියන ගණන් වැය කරනව. ඒව කැට හොල්ලල හොයන්න බැහැ. ඒ වගේම විදේශීය රැස්වීම්වලින් ලැබෙන ඩොලර් 50කින් 60කින් උපයන්නත් බැහැ. එහෙමනම් ඇතැම් අපේක්ෂකයන්ට පාසල්වලට බස් දෙන්න; සුහුරු පන්තිකාමර හදන්න කොහෙන්ද සල්ලි; ඒ වගේම තවත් අය අද වාමාංශික බව පෙන්නුම් කළත් සුපිරි ධන කුවේරයන් ආරක්ෂා කරන අය බවට පත් වෙලා, ඒ අයට මැතිවරණයන්ට වියදම් කරන්නෙ කවුද කියල හොයල බලන්න ඕන. සමාජ මාධ්‍යජාලා පුරාම දැන්වීම් පළ කරන්න කොහෙන්ද සල්ලි. ඒ ධනය ලබා දෙන ව්‍යාපාරික පන්තිය පසෙක ලා ඔවුන්ට දේශපාලනය කරන්න බැහැ. වාමාංශික ප්‍රගතිශීලි හැඩයෙන් යන්නෙ ධනේෂ්වර පන්තිය රකින ගමනක්.
ඔබ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?
අපි ඉදිරිපත් කරන්නේ සමාජවාදී වැඩපිළිවෙළක්. ඒක මේ සෝවියට් දේශයේ එහෙමත් නැත්නම් චීනයේ වගේ සමාජවාදී වැඩපිළිවෙළක් නෙමෙයි. 21 වන සියවසට ගැළපෙන එකක්.
යල් පැන ගිය සමාජවාදී ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරන්නෙ නැහැ. අලුත් ආරම්භයක් අලුත් ආර්ථික දැක්මක් ලබා දිය යුතු වෙනවා. දුප්පත් පොහොසත් සැමගේ අයිතිය රැකදෙන වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරන්නෙ.
මේ අවස්ථාවේදී ඔබ ජනතාවට දෙන පණිවුඩය කුමක්ද?
අපි ජනතාවට අනතුරු අඟවනවා 21 වෙනිදා ජනතාව දිනන්නෙ නැහැ කියලා.
දේශපාලන ලියුම්කරු
ඡායාරූප – සුදත් නිශාන්ත