Home » සියලු වාහන ආනයනයට ඉඩ

සියලු වාහන ආනයනයට ඉඩ

by Mahesh Lakehouse
September 14, 2024 12:39 am 0 comment

ආර්ථිකය වර්ධනයේදී විදේශ සංචිත වැඩිවෙමින් පවත්නා නිසා වාහන ආනයන සීමා කිරීම් ක්‍රමයෙන් අඩු කොට 2025 වසරේ පෙබරවාරි මාසය වන විට සියලු මෝටර් වාහන නිදහසේ ආනයනය කිරීමට ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීමට අවකාශ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සිළුමිණට කීය.

2021 වසරේ සිට ඇති වූ විදේශ විනිමය අර්බුදය හා ආර්ථික අර්බුදය නිසා වාහන ආනයනය මුළුමණින්ම නතර වී තිබූ අතර ආර්ථිකය යහපත් වීමත් සමඟ පසුගිය වර්ෂයේදී සංචාරක ව්‍යාපාරය සඳහා මෝටර් වාහන 1000ක් ආනයනයට අවසර ලබා දුන් බවද ආචාර්ය ගුණවර්ධන කීය. මේ වන විට ආර්ථික වර්ධන වේගය ඉහළ යාමත් විදේශ සංචිත ඉහළ යාමත් කරනකොට ගෙන 2025 වසරේ සිට මෝටර් වාහන ආනයනයට පනවා තිබූ තහංචි ඉවත් කර ආනයනය ලිහිල් කිරීමට මුදල් විෂය භාර ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් 1වැනිදා සිට අදියර තුනක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදු කෙරේ.

පළමු අදි­යර යටතේ පොදු මගී ප්‍රවා­හන වාහ­නද දෙවන අදි­යර යටතේ දෙසැ­ම්බර් මාසයේ සිට වාණි­ජ­මය හෝ භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු වෙනු­වෙන් භාවිතා කරන වාහන සඳ­හාද තුන්වන අදි­යර යටතේ 2025 පෙබ­ර­වාරි 1 වැනිදා සිට පෞද්ග­ලි­කව භාවිත කෙරෙන මෝටර් රථ ඇතුළු වාහන සඳ­හාද අව­සර දෙනු ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division