විභාග අපේක්ෂකයින් 3,23,879 දෙනෙක් පෙනී සිටින 5 වසර ශිෂ්‍යත්ව විභාගය 15 වැනි ඉරිදා පැවැත්වේ. එසේම 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර පවසයි.
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන 2,849ක පැවැත්වෙන මෙම විභාගය පෙ.ව 9.30ට ආරම්භවීමට නියමිතය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සඳහන් කළේ දරුවන්ගේ විභාගයට බාධාවන අයුරින් මැතිවරණ රාජකාරී නොපවත්වන ලෙසයි. මේ අතර මැතිවරණ කොමිසම් සභාව පවසන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන පාසල් හා විභාග මධ්‍යස්ථාන අවට කිසිදු අයුරකින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතු බවයි.
සුභාෂිණී ජයරත්න