Home » උපයන විට ගෙවී‍මේ බද්ද අඩු කෙරේ

උපයන විට ගෙවී‍මේ බද්ද අඩු කෙරේ

බදු ගෙවන්නන්ට දැවැන්ත සහනයක්

by Mahesh Lakehouse
September 14, 2024 12:45 am 0 comment

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අය වැය ලේඛනයට ඇතුළත් කෙරෙන අතර ඊට අමතරව උපයන විට ගෙවීමේ බද්ද (PAYE TAX) අඩු කිරීමට සිකුරාදා (13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සිළුමිණට කීය.

රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු බර අඩු කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී මුදල් අමාත්‍යාංශය විසින් මූල්‍ය අරමුදලට එක් යෝජනාවක්ද මූල්‍ය අරමුදලෙන් තවත් යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.

ඒ අනුව උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීමට මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිගත යුතුයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත. ඒ අනුව මසකට රුපියල් 150,000ක වැටුප් හා දීමනා හිමි සේවකයකු ගෙවිය යුතු වූ බද්ද රුපියල් 3000ක් වූ අතර එයින් රුපියල් 500ක් අඩුවනු ඇත. මසකට රුපියල් ලක්ෂ 3ක වැටුප් ලැබූ අයකු රුපියල් 7000ක බද්දක් ගෙවිය යුතු වූ අතර එය රුපියල් 3500කින් අඩු කෙරෙනු ඇත. මසකට රුපියල් 450,000ක් වැටුප් ලබන අයකු ගෙවිය යුතු වූ බදු මුදල රුපියල් 76,000ක් ගෙවූ අතර එය රුපියල් 12,500කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්, සංස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශ සේවකයන් විසින් ගෙවිය යුතු උපයන විට ගෙවීම් බද්ද අඩු කෙරෙනු ඇත. මෙවර අය වැය ලේඛනය සැකසීමේදී ප්‍රධාන පනත් 5ක නියමයන්ට අනුකූල පරිද්දෙන් අය වැය සකසන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත. 2023 අංක 28 දරන දූෂණ විරෝධි පනතට අනුව මේ සියලු කටයුතු සිදු කෙරෙන බවද ඇමැතිවරයා කීය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division