Home » සන්ඩේ ඔබ්සවර් මාධ්‍යවේදිනි දිනුලි ප්‍රැන්සිස්කුට SPARK තරුණ ව්‍යවසායකත්ව සම්මානය

සන්ඩේ ඔබ්සවර් මාධ්‍යවේදිනි දිනුලි ප්‍රැන්සිස්කුට SPARK තරුණ ව්‍යවසායකත්ව සම්මානය

by Mahesh Lakehouse
September 14, 2024 12:31 am 0 comment
SPARK තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා ලෙස පිදුම් ලැබූ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ දිනුලි ප්‍රැන්සිස්කු මෙනවිය වෙත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සුබපැතුම් පිරිනැමූ අවස්ථාව.

සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාධ්‍යවේදිනියක වන දිනුලි ප්‍රැන්සිස්කු මෙනවිය SPARK තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා ලෙස පසුගියදා පිදුම් ලබා ඇත. මෙම උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන එක්ව සංවිධානය කරන සුවිශේෂ තරගාවලියක් වන මෙම SPARK වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම අරමුණ වේ.

රටේ තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්වය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමද මෙහි අරමුණක් වේ.

මෙම වසරේ SPARK අවසන් මහා තරගයේදී නව සම්මාන දෙකක් හඳුන්වා දී ඇත.

තරුණ ව්‍යවසායක මාධ්‍යවේදියා එක් සම්මානයක් වේ. තරුණ තරුණියන් අතර ව්‍යවසාකත්ව මානසිකත්වය ගොඩනැඟීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ඉටුකළ හැකි මෙහෙවරද අතිවිශාල වේ.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division