මංගර දෙවියන්ගේ විශේෂිත වු ආකර්ෂණ ලබන මන්ත්‍ර අතළොස්සකින් විශේෂිත වූ එක් ක්‍රමවේදයක් පසුගිය සතියේ පාඨක ඔබට ඉදිරිපත් කළෙමි. ඒ හා සමාන අසමාන ප්‍රතිඵල ගෙන දෙන තවත් ක්‍රමවේදයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. මෙම ක්‍රමවේදය ඉතා සරලයි. එහෙත් ලැබෙන ප්‍රතිඵල අසීමිතයි.
ඔබ පළමුව කළ යුත්තේ තමන්ට වඩා උසින් වැඩුණු කොහොඹ ගසකින් නැඟෙනහිර දිශාවට නැමුණු කොහොඹ අත්තක් තමන්ගේ උසට වැඩියෙන් අත දික්කර දකුණතින් කථා නොකර කඩා ගැනීමයි.
ඉන්පසුව අමුකහ ගලගා දෙහිගෙඩි තුනක් කපා දෙහිකොළ 03ක් දමා සුදු සඳුන් ගලගා දමා පෙරාගත් සිසිල් ඇල් දියෙන් මැටි බඳුනකට සකස් කර මංගර දෙවියන්ගේ යහන් මණ්ඩපය මත තබා පහත මන්ත්‍රයෙන් 108 වර ජප කරගන්න.
පසුව එලෙස ජපකරගත් මිශ්‍රණ සහිත ජල බඳුන සුරක්ෂිතව තබාගෙන දින 03ක් ඇතුළත පිරිසිදු පොල්ගෙඩි 03ක් පිරිසිදු කර එම ද්‍රාවණය සහිත බඳුනෙන් දෝවනය කර ඔබගේ දැවෙන තැවෙන තෙරපෙන ඕනෑම ප්‍රශ්නයක් සඳහා ප්‍රශ්නය සිහිතබා යාම තුනට පොල්ගෙඩි 03 බිඳ දමන්න.
හරියටම වරු තුනෙන් ඔබගේ ප්‍රශ්නය කුමක් වුවත් නියත ප්‍රතිඵල ලැබෙනවාමයි. අත්දුටු සත්‍ය ක්‍රමවේදයකි.
ද්‍රාවණය ජීවම් මන්ත්‍රය
ඕං නමෝ නමඃ මංගර දෝවා වාරුං වාරුං
නමඃ ශ්‍රි මුනි මංගර චන්ද්‍ර මංඩලේ වාවා
ඕම් සර්ව කාර්ය සිද්ධි නමඃ මංගර
දේව තාවා නමඃ වින නාශං ග්‍රහ දෝෂ
නාංශං කෘත දේවා මංගර රාජා වාරුං
උඩින් යටින් අෂ්ඨ රූපි වාවා මංගර
දේවා සර්ව දෝෂං නාශං මංගර
දේව රාජා වා වා නමඃ
වජ්‍රපාන නාමාපූජිත මංගර දේව රාජා
නමඃ වාවා නමං
ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරාගෙන එම දියරයෙන් අදාළ පොල් දෝවනය කර බිඳීමට පෙර ඔබට හැකි නම් රාම දිෂ්ඨියෙන් 21 වර මතුරා බිඳින්න. ප්‍රතිඵල ඉක්මන්වේ. සියලු ජය සහතිකයි.