Home » CNCI නව සභාපති කෙවින් එඩ්වඩ්ස්

CNCI නව සභාපති කෙවින් එඩ්වඩ්ස්

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) කෙවින් එඩ්වඩ් මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ (CNCl) සභාපතිවරයා ලෙස නැවත තේරී පත් විය. කෙවින් එඩ්වඩ් මහතා E B Creasy Logistics Limited හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන අතර, ඔහුට Logistics, Supply Chain Management සහ ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇත.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අවධාරණය කළේ CNCI, ශ්‍රී ලාංකේය කර්මාන්තයේ පුරෝගාමී වාණිජ මණ්ඩලය වන අතර කාර්මික වර්ධනයට, නවෝත්පාදනවලට, ව්‍යාපෘතීන්ට සහ නව වෙළෙඳපොළ කරා යාමට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අමිල සේවාවක් සපයන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් ලෙස කාර්මික සංවර්ධනයට මංපෙත් විවර කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ මණ්ඩලයේ මැදිහත් වීම පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division