Home » ස්ටාර් ගාමන්ට්ස් ජෛව විවිධත්වය නංවාලීම වේගවත් කරයි

ස්ටාර් ගාමන්ට්ස් ජෛව විවිධත්වය නංවාලීම වේගවත් කරයි

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

ස්ටාර් ගාමන්ට්ස් සමූහය සිය පාරිසරික ජෛව විවිධත්වය නංවාලීමේ වැඩසටහන ආරම්භ කළේ 2023 වසරේ ලෝක මුහුදු තණ දිනයට සමගාමීව ය. ඒ අනුව සමාගම ඉස්සන් වගාව නිසා හානියට පත් හලාවන, පුත්තලම සහ ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතය ආශ්‍රිත හෙක්ටයාර 3ක කඩොලාන නැවත වගා කළේය. මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන වෙනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, වනජීවී හා ස්වභා ආරක්ෂණ සමාජය (WNPS) සහ වයඹ විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය 2024 වසරේ UN Decade of World Restoration Flagship සම්මානයෙන් ද පිදුම් ලැබීය.ව්‍යාපෘතිය ආරම්භයේදී මුඩුභාවයට පත්ව ඇති භූමිය වෙත ජලය ගෙන ඒම සඳහා මත්ස්‍ය අස්ථි පද්ධතියේ හැඩය ගත් ඇළ මාර්ග නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළේය. දෙවැනි අදියර යටතේ නව පරිසර පද්ධතියේ කඩොලාන පැළ 500ක් වගා කිරීමට ද ස්ටාර් ගාමන්ට්ස් සමූහය කටයුතු කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division