Home » බවර් සමාගම කෘෂිකර්මයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණට

බවර් සමාගම කෘෂිකර්මයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණට

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment
බවර්ස් සමාගමේ CEO/ MD රොල්ෆ් බ්ලාසර් සහ මහාචාර්ය එස්.පී. නිශ්ශංක

බවර් සමාගම සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගිය දා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. මෙම වැඩසටහනේ මුලසුන දැරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්.පී. නිශ්ශංක සහ Innovar Ag, LLC සමාගමේ උපසභාපති මෙන්ම කැන්සස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නිරවද්‍ය කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රේ අසෙබෙඩෝ මහත්වරු ය. Innovar Ag සමාගම හඳුන්වා දී ඇති N-Yield සහ NBound වැනි නිෂ්පාදන හරහා නයිට්‍රජන් අපතේ යාම වළක්වමින් පාරිසරික බලපෑම අවම කරන අතර, භෝග අස්වැන්නද 22% දක්වා ඉහළ නංවයි. Innovar Ag, තම සමාගම සතු PENXCEL වැනි විශේෂ තාක්ෂණ මෙසේ වැඩිදියුණු කළ පොහොර නිෂ්පාදනයට යොදාගනියි. ඇමෝනියා වාෂ්පීකරණය සහ නයිට්‍රීකරණය අවම කිරීම වැනි ක්‍රමවේද යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති Innovar Agහි අතිනවීන නිෂ්පාදන මඟින්, නයිට්‍රජන් අපතේ යාම වළක්වා ගැනීමට හැකි වන අතර, වගාවට යොදන නයිට්‍රජන්වලින් වැඩි ප්‍රමාණයක් භෝගයට උරාගනියි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division