Home » My Dentist නවතම දන්ත සායනය මාලදිවයිනේ

My Dentist නවතම දන්ත සායනය මාලදිවයිනේ

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

My Dentist පෞද්ගලික සමාගමේ සේවා ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත කරමින් සිය දන්ත සායනයක් My Family Dentist නමින් මාලදිවයිනේ හුලුමාලේ ප්‍රදේශයේ දී විවෘත කෙරිණි. AME Healthcare Singapore සහ Nexus Private Limited යන සමාගම් ද්විත්වය සාමූහික ව ක්‍රියාත්මක කරන AME Nexus Private Limited සමාගම මාලදිවයින සමඟ ඇති උපායමාර්ගික සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව දන්ත වෛද්‍ය සායනය මාලදිවයිනේ දී ආරම්භ කෙරිණි. මෙම සේවාව ජාත්‍යන්තර හා දේශීය වශයෙන් පුහුණුව ලත් වෛද්‍යවරු සහ නවීන තාක්ෂණය සමඟ 2019 වසරේ දී ආරම්භ විය.

You may also like

Leave a Comment