Home » ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාර ගැනේ

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාර ගැනේ

by yasara
September 9, 2024 4:11 pm 0 comment

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

නව මුහුණු වරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේදී ශාස්ත්‍රීය,පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය,යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂාකරන අතර ආධාර මුදලද ඉහළ දමන ලද බව ප්‍රකාශ කෙරේ.

එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000.00ක්, නවකතා සඳහා රුපියල් 100,000.00ක්, කෙටිකතා සංග්‍රහය සඳහා රුපියල් 100,000.00ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000.00ක්, පිරි නැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division