Home » ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 ට කාලගුණයෙන් රතු නිවේදනයක්

by yasara
September 9, 2024 2:22 pm 0 comment

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා තිබේ.

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත්  ආශ්‍රිතව පැවති බව සඳහන් වේ.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් වයඹ දෙසට ගමන් කරමින් අද (සැප්තැම්බර් 09) 0600UTC ට පමණ ඉන්දියාවේ ඔඩිෂා වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු අක්ෂාංශ 13ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී 70-75) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division