Home » තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට “jobonline.lk” වෙබ් අඩවිය එළි දකියි

තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට “jobonline.lk” වෙබ් අඩවිය එළි දකියි

by yasara
September 9, 2024 10:18 am 0 comment

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දීම සදහා “රනිල් විල්අද්දරගේ පදනම” විසින් jobonline.lk වෙබ් අඩවිය එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා විසින් එළි දක්වනු ලැබීය.

මෙම වෙබ් අඩවිය එළිදැක්වීම පිලියන්දල සුසිරි උත්සව ශාලාවේදී සිදු කරනු ලැබිය.

Gflock ආයතනය මෙන්ම අනෙකුත් ප්‍රධාන පෙළේ ව්‍යාපාර තුළ පවතින පුරප්පාඩු හදුනාගෙන අදාළ රැකියා අවස්ථා තරුණ තරුණියන්ට උදා කරදීම මෙහි අරමුණයි. සිය අධ්‍යාපන හා වෘත්තිය පුහුණුව මත ඔවුනට සුදුසු රැකියාවන් සොයා ගැනීම සඳහා නිවැරදි මග පෙන්වීම මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන වල පවතින පහළ ශ්‍රේණියේ සිට විධායක ශ්‍රේණිය දක්වා වූ විවිධ රැකියා අවස්ථාන් වලට යොමු වීමට මෙම වෙබ් අඩවිය හරහා හැකියාව පවතී.

මෙහිදී අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

Gflock ආයතනය තුළ පමණක් මසකට රැකියා අවස්ථාවන් 10 ක් පමණ පුරප්පාඩු වන අතර එම රැකියා මෙම වෙබ් අඩවිය හරහා සුදුසුකම් සපුරාලන අය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා. අද අපේ ව්‍යාපාරයට පවා අවශ්‍ය සේවකයින්, වෘත්තිකයින් සොයා ගැනීම අපහසු වී තියෙනවා. එමනිසා මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ඉහළ අවශ්‍යතාවයක් තිබුනා. ඒ හරහා පෞද්ගලික අංශයට අවශ්‍ය සුදුසු පුද්ගලයින් හදුනාගැනීමට අවස්ථාව ලැබීම වඩාත් වැදගත් වෙනවා. තමන්ගේ අයදුම් පත්‍රය මෙම වෙබ් අඩවියට ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන අතර අදාළ ව්‍යාපාර ආයතන වෙත අවශ්‍ය සේවකයින් හදුනා ගැනීමට එමගින් අවස්ථාව ලැබී තිබෙනවා. එමෙන්ම මෙහි පළවන රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ හරහා අපහසුතාවයකින් තොරව සිය රැකියා අවස්ථාවන් සොයා ගැනීමට මෙම වෙබ් අඩවිය හරහා පහසුකම් සලසා තිබීම වැදගත් කාරණයක්. “jobonline.lk” වෙබ් අඩවිය රැකියාවක් සොයන තරුණ තරුණියන්ට කඩිනමින් සිය සුදුසුකම් මත රැකියා අවස්ථාව උදාකර දීම අප‌ගේ අරමුණ බව එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division