ඔබ තවමත් තරුණයි. ජනාධිපතිවරණ සටනට පිවිසීමට ඉක්මන් වැඩි වුණා කියා සිතෙන්නේ නැද්ද…?
පක්ෂයේ සමහර අයට මේක බලපානවා. වැඩිහිටි කෙනෙක් ආවොත් වයස වැඩියි කියනවා. තරුණ කෙනෙක් ආවොත් තරුණ වැඩියි කියනවා. ලොව දියුණු රටවල් ගත් විට අපේ වයස්වල තරුණයන් තමයි ආර්ථිකය අනිත් පැත්ත හැරෙව්වේ. වයස ගැන සලකනවාට වඩා අපි බැලිය යුත්තේ අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැක්කේ කාටද, දේශපාලන රාමුව තුළ හැකියාව ඇත්තේ කාටද යන්න පිළිබඳවයි. මට ඒ වගකීම් භාර ගැනීමට අවශ්‍ය පළපුරුද්ද තියෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔබට ඇති හැකියාව හා සුදුසුකම ගැන සඳහන් කළොත්…?
ඇත්තෙන්ම මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව තීන්දුව ගත්තේ අපේ පක්ෂයෙන් මිස තනිව නෙමෙයි. අපි පවුලක් ලෙස සිටියා. මුලින් අපි කවුරුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන මතයේයි සිටියේ. පසුව පක්ෂය විසින් තීන්දු කළා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස මාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව. ඒ නිසා ජාතික සංවිධායක ලෙස මම ඒ අභියෝගය භාර ගත්තා. පසුගිය වසර දෙක තුළ විශාල වැඩ කොටසක් කළා. පක්ෂ යන්ත්‍රණය මෙන්ම මහින්ද චින්තනය තේරුම්ගෙන මේ කටයුතු ඉදිරියට ගෙනයාමේ වගකීම උර දරාගෙන මේ වන විට මම මැතිවරණ සටනේ රැඳී ඉන්නවා.
ඔබේ දේශපාලන ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් ඉටු කර ඇති සේවය පැහැදිලි කළොත්…?
පොදු ජන පෙරමුණ හරහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් තුළ මේ රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළා. ඒ යුගය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතා. ඒ ආණ්ඩුව තුළ ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම රටේ ආර්ථිකය දෙගුණයක් ඉහළට ගෙනගියා. නමුත් යහපාලන ආණ්ඩුව ආවා. ඒ සියල්ල වෙනස් වුණා. අපිට හොරා කිව්වා. අපිට විවිධ පරීක්ෂණ කළා. උසාවියෙන් මම නිදොස් කොට නිදහස් කළා. ගෝඨාභය රාජපක්ෂට භාර ගන්න වුණේ කඩාවැටුණු, ආපස්සට ගිය ආර්ථිකයක් සහිත රටකුයි. කොවිඩ් වසංගතයටත් මුහුණ දෙන අතරේ අභියෝගාත්මක කාල සීමාවක් පසුකළා. නමුත් එය කුමන්ත්රණයකින් වැට්ටුවා. ඒ ආණ්ඩුව තුළ ග්‍රාමිය ආර්ථිකය නංවන්න, බදු බර අවම කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගත්තා. ක්‍රමන්ත්‍රණයකින් ආණ්ඩු වැට්ටුවට රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ඉන්පසුව විපක්ෂයේ සිටියත් අපි අපේ දේශපාලන ගමන ආවා.
බොහෝ දෙනා පවසනවා හිටපු ජනාධිපතිවරයා එනම් ඔබේ පියා නිසා ඡන්ද පදනමක් ගොඩනඟා ගන්නට ඔබ උත්සාහ කරන බව…?
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට තමයි මේ රටේ බහුතර ඡන්ද පදනමක් තියෙන්නේ. බණ්ඩාරනායකතුමාගේ ප්‍රතිපත්ති චන්ද්‍රිකා කුමාරණතුංග ආදීන් අතහැරියා. අපිට ඡන්දෙ දෙනවද නැද්ද කියන එක ඡන්ද දායකයාගේ වගකීමක්. මගේ වගකීම වන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමයි.
ඔබ පියා කළ කාර්යභාරය ඔබට කළ හැකි යැයි විශ්වාසයක් තියෙනවද…?
ඔව්, පැහැදිලිවම. මම ඒ වගකීම භාර ගන්නවා. ඒ වගේම මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපේ රටට ගැළපෙන්නේ ඒ ප්‍රතිපත්ති බව. මහින්ද රාජපක්ෂ මහතා අරගෙන ආ දේශපාලන ප්‍රතිපත්ති නවීකරණය කරමින් මම ඉදිරියට ගෙනියනවා. ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින්, දේශීය චින්තනය, දේශීය ගොවියා සමඟ ඉදිරියට යායුතුයි.
ඔබ ජනාධිපතිවරණ සටනට පිවිසෙන්නේ විකල්පයක් ලෙසයි. කිසිදු සූදානමක් නොමැතිව හදිසියේ ඉදිරිපත් වූ ඔබ මේ වන විට ජනාධිපතිවරණ සටනට සූදානම්ද…?
පක්ෂයක් ලෙස අපි මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වුණා. දේශපාලනය කරනවා නම් අපි අභියෝග භාරගත යුතු වෙනවා. අභියෝගයක් ආ විට ඒ අභියෝගය භාර ගැනීම තමයි දේශපාලඥයෙක්ගේ මෙන්ම තරුණයෙක්ගේ වගකීම වන්නේ.
අරගලය ඉල්ලු පරිදි තරුණ අපේක්ෂයෙක් ලෙස ඔබ මැතිවරණයට ඉදිරිපත් වුණා. කොහොමද තරුණයන් ආමන්ත්‍රණය කරන්නේ?
තරුණයන් බුද්ධිමත්. ඒ නිසා ප්‍රායෝගිකව ඔවුන් සියලු අපේක්ෂකයන් දෙස බැලිය යුතුයි. ඒ අනුව රටට ගැළපෙන, දේශීය ව්‍යවසායකයා රකින, රැකියා උත්පාදනය කළ හැකි, බදු නොගසා රාජ්‍ය ආදායම් වැඩි කළ හැක්කේ කාටද, එසේම මේ සංස්කෘතියට ගැළපෙන හර පද්ධතීන් තියෙන්නේ කාටද යන්න තරුණයන් විසින් පරිශීලනය කර සොයා බලා තීන්දුවක් ගත යුතුයි. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමේ ධාරාවේ සිටි තරුණයන්ට මම ආරාධනා කරන්නේ අපිත් සමඟ අත්වැල් බැඳගන්න කියා. පොහොට්ටුටේ සිට ගිය අයටත් මම ආරාධනා කරනවා. එසේම මෙතෙක් කිසිදු දේශපාලන මතයක් නැති තරුණයන්ටත් මේ ප්‍රතිපත්ති කියවලා බැලුවොත් තේරෙයි, ඔබේ සිතුම් පැතුම්වලට අදාළ දේශපාලන ප්‍රතිපත්ති තියෙන්නේ කාටද කියලා.
69 ලක්ෂයක ඡන්ද පදනමක් හිමි පක්ෂයක් අද දෙකඩ වෙලා. මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අභියෝගයක් නෙමෙයිද?
මේ හැටනව ලක්ෂය මේ විදියට තිබුණා නම් ඉදිරිපත් වීමට ඕනෑතරම් අපේක්ෂකයෝ ඉන්න තිබුණා. අභියෝගයක් තිබුණ නිසානේ කට්ටිය ලෙහෙසි මාර්ග සොයාගෙන ගියේ. අපිට ලෙහෙසි මාර්ග සොයාගෙන දේශපාලනය කරන්න බැහැ. දේශපාලනයේ ලෙහෙසි ක්‍රමය වන්නේ දිනන පැත්තකට යාම හෝ තවත් අය සමඟ එකතු වීමයි. ඒ නිසා තමයි 94 සිට රාජ්‍ය තනතුරු දරපු අය ඒ තනතුරු තාම දරන්නේ. වගකීමක් දරන අය ලෙස ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට පහසු හා අමාරු අවස්ථා සෑම එකකම අපි පෙනී සිටිය යුතුයි. දේශපාලනය කියන්නේ ඇත්තෙන්ම අභියෝගයක්. එය සුන්දර ගමනක් වෙන්නේ නැහැ. යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සුන්දර දේශපාලන ගමනක් යාමට, එය මායාවක් පමණයි.
මේ අභියෝගය දාලා පැනලා ගිය අය ගැන මොනවද හිතන්නේ…?
ඒ අය පෞද්ගලිකව ගත් තීරණ. මම හිතන්නේ ඒ අය මට වැඩිය හදිසි වුණා. නමුත් ඔවුන්ගේ පෞද්ගලික මතයට මම ගරු කරනවා.
ඔබට මෙවර තරග කරන්න සිදුව ඇත්තේ තවත් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙක් සමඟයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටනේ ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
අපේ පාක්ෂිකයෝ නිහඬව ප්‍රතිපත්තිගරුකව ඉන්නවා. මේ රටට ආදරය කළ දේශපාලන කඳවුර කවදාවත් පාවා දුන්නේ නැහැ. දෙවැනුව අපි ගහ මරාගෙන දේශපාලනය කරන අය නෙමෙයි. මේ නිශ්ශබ්දව සිටින පිරිස එදාට ගිහින් තම යුතුකම ඉටු කරයි. එසේම ක්‍රියාකාරීව එළියට බැස කටයුතු කරන අය තම වගකීම ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දුන්නා නම් හොඳයි නේද?
අපි අවශ්‍යතාවය අනුව සහයෝගය දුන්නා. නමුත් තවදුරටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සමඟ එකඟ වෙන්න බැරි වුණා. එතුමාගේ රාජ්‍ය දේපල, සමහර ආර්ථික කරුණු කාරණා සම්බන්ධව එකඟ වෙන්න බැරි වුණා.
අද හිතෙන්නේ නැද්ද එදා සහය දුන්නා නම් මේ ප්‍රබල පක්ෂය ආරක්ෂා කරගන්න තිබුණා කියලා…?
ලේසි මාර්ග තියෙනවා. අපහසු මාර්ග තියෙනවා කියලා මම කිව්වේ එ්කයි. ප්‍රතිපත්ති පැත්තක තබා තමන්ගේ වාසියට යන්න තිබුණා නම් එය ලෙහෙසි මාර්ගයක් වෙනවා. නමුත් රටත්, පක්ෂයත්, ප්‍රතිපත්තිත් ජයග්‍රහණය කරන්න නම් අමාරු මාර්ගයක යා යුතුයි. මම හිතන්නේ අපි හරි මාර්ගය තෝරාගත්තා කියලයි.
බොහෝ දෙනා පවසන්නේ ආණ්ඩුවෙන් ඔබ ඇතුළු පිරිස ඉවත් වූයේ පක්ෂයේ අපේක්ෂා ජනාධිපතිතුමා ඉටු නොකළ නිසා බවයි?
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබුණු ලොකුම චෝදනාව වුණේ රාජපක්ෂලාගේ අවශ්‍යතා ඉටු කරන බව. ඒ නිසා මේ තර්කය සාධාරණ නැහැ. එක අවස්ථාවක එතුමාට චෝදනා කරන්නයි, දැන් නොකළ නිසා ගියා කියන්නයි කිසිම තේරුමක් නැහැ. අපි කිසිම විටක පෞද්ගලික කාරණා ගැන කතා කළේ නැහැ. එතුමාට ඒ ගැන අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. එතුමාගේ ප්‍රතිපත්ති රටට නොගැළපෙන නිසා තමයි අපි ඉවත් වුණේ.
දේශපාලන පිල් මාරුවෙන් ජනතාව, පාක්ෂිකයෝ අතරමං වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද?
පැහැදිලිවම. දේශපාලන පිල් මාරු නතර වෙන්නේ නැහැ. බොහෝ විට මේ පිල් මාරුව සිදු කරන්නේ දේශපාලනඥයෝ මිස ජනතාව නෙමෙයිනේ. ජනතාව තමන්ගේ කඳවුරේ ඉන්නවා. දේශපාලනඥයෝ පිල් මාරු වෙනවා.
පොහොට්ටු පක්ෂයෙන් කැඩුණු බහුතරයක් දැන් මාලිමාවට එකතු වෙලා කියලා ආරංචියි?
පොදු ජන පෙරමුණ ජාතික අවශ්‍යතාව මත කෙටි කාලකට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම තුළ පිරිසක් මාලිමාවට යන්න ඇති. අද ඒ පිරිසට මම ආරාධනා කරනවා අපිත් සමඟ එකතු වෙන්න කියා.
පිල් මාරුවෙන් කතිරය වෙනස් වෙයිද?
පිල් මාරුවෙන් කතිරය වෙනස් වෙන්නේ නැහැ. පිල් මාරුව සිදුවන්නේ ඉහළ නායකයන්. අපේ පාක්ෂිකයෝ අපේ ප්‍රතිපත්ති සමඟ ඉන්නවා.
පොජපෙ පාක්ෂිකයන් ඒකරාශී කරගන්න යම් කිසි වැඩපිළිවෙළක් තියෙනවාද?
ලංකාවේ හැම ආසනයකටම මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර ඇත්තේ මමත් අපේ පක්ෂ නායකයෝත් ඒවාට යාමටයි. ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම අපි ඉෂ්ට කරනවා.
වත්මන් ජනාධිපතිතුමා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය සේවක වැටුප් ගැන කතා කරනවා. රජය ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතිය පවා ගත්තා. ඔබ බලයට පත්වුණොත් වැටුප් වැඩි කිරීම් සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කළොත්?
වැටුප් වැඩි කිරීම්, තනතුරු දීම් මේ දේශපාලන වේදිකාවේ නොකළ යුතුයි. උද්ධමනයට අනුකූලව රාජ්‍ය සේවක වැටුප් වැඩිවිය යුතුයි. එය ආණ්ඩු මාරුවීමේදි වන මැතිවරණ පොරොන්දු නොවිය යුතුයි. මේවා අපි හැමදාම දැක්කා. එදා බදු වැඩි කරන්න ඕන කියපු ආණ්ඩුවම දැන් වැටුප් වැඩි කරන්න ඕන කියනවා. මම ඊට සිස්ටම් එකක් හදනවා.
“ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ආර්ථිකය ගොඩගැනීමේ සටනට උර දෙන්නේ කෙසේද?
මේ රටේ ග්‍රාමීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට අවශ්‍ය දේශීය ව්‍යාපාර ශක්තිමත් කළ යුතුයි. එහි එක් පියවරක් ලෙස සමූපකාර හා ග්‍රාමීය බැංකු හරහා ව්‍යවසායකයන්ට මූල්‍ය ශක්තිමත්භාවයට කටයුතු කරනවා. අපේ පොළොවේ වැවිය හැකි හැම භෝගයක්ම වවනවා. ධීවරයන්ට සහන දෙමින් අල්ලාොගත හැකි හැම මත්ස්යයෙක්ම අල්ලා ගත යුතුයි. පිටරටින් නොගෙන ආ යුතුයි. යටිතල සංවර්ධන ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කළ යුතුයි. ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි.
අධික බදු බර අවම කරමින්, තුන්වේල පිරිමැසිය හැකි කඩිනම් ආර්ථික සහන ලබා දීමේ ඔබේ වැඩපිළිවෙළ සඳහන් කරන්න?
පළමුවැන්න තමයි බදු ප්‍රමාණය අඩු කිරීම. රාජ්‍ය නොවන බදු නොවන ආදායම් වැඩි කිරීම සමඟ එය සමානුපාතිකව සිදුකළ යුතුයි. රාජ්‍ය ආදායමට හානියක් නොවන පරිදි ජනතාවට දැනෙන පරිදි බදු බර ගේනවා. තමන්ට දැරිය හැකි පරිදි ආහාරපාන ලබාගත හැකි පරිදි ආර්ථිකය හදනවා. විදුලි බිල් හා ජල බිල් අඩු කළ යුතුයි. . ඊට සෝලා සඳහා බදු බර අඩුකර අවස්ථාව සැකසිය යුතුයි. අපි ස්ථාවර ආණ්ඩුවක් සකස් කරන ගමන් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් සැකසිය යුතුයි. ආයෝජකයෝ ගෙනඒමේ වැඩපිළිවෙළ සැකසිය යුතුයි.
ඒ සඳහා ඔබට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවද?
ඔව්. පළපුරුද්දක් ඇති දැනට ව්‍යාපාර ක්ෂේත්රයේ නියැළි බොහෝ පිරිසක් අපිත් සමඟ අත්වැල් බැඳඉන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයත් සමඟ අපි පළාත් සභා මැතිවරණය තිබිය යුතුයි. ප්‍රාදේශීය සභාවෙන් ජනතාවට වන සේවා කඩිනම් කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළ යුතුයි. අද තරුණයන් විදෙස්ගත වන්නේ මේ රටේ රැකියා නොමැති වීම නිසා නම් ඊට හේතු සෙවිය යුතුයි. තරගකාරි වෙළෙඳ පොළක් සැකසිය යුතුයි. රැකියා වෙළෙඳ පොළේ රැකියා අවස්ථා ළඟා කර දිය යුතු වෙනවා. ගුරුවරු නැති පළාත්වලට තාක්ෂණය සම්බන්ධ කර අවශ්‍ය පාසල් විෂය පථයන් සැකසිය යුතුයි. සාමාන්‍ය පෙළින් පසු ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා අවකාශය සැකසිය යුතුයි. සාමාන්‍ය පෙළින් පසු වෘත්තීය පුහුණුවට හෝ කාර්මික පුහුණුවට යනවාද නැතහොත් උසස් පෙළ හරහා උපාධි දක්වා යනවාද යන්න සොයා සියල්ලටම නිසි ගෞරවය ලබා දිය යුතුයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ පැහැදිලි කළොත්..?
ගෝඨාභය මහතාගේ කාලයේ අපි තාක්ෂණ ගම්මාන පහක් ආරම්භ කළා. ආයෝජකයෝ නොඑන්න තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ගැටලු බොහෝමයක් පවතිනවා. ඒවා නිරාකරණය කළ යුතුයි
සජබ මෙන්ම ජාජබ පක්ෂ දෙකම IMF කොන්දේසි වෙනස් කරමින් රට ආපස්සට හැරවීමේ සූදානමක් බවතින බවට චෝදනා නැඟෙනවා. IMF ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔබේ කාර්යය සඳහන් කළොත්?
IMF කියන්නේ එකම විකල්පය නෙමෙයි. එහි හොඳ දේවල් තියෙනවා වගේම අපිට නොගැළපෙන දේවල් තියෙනවා. IMF පමණක් විකල්පය ලෙස සිතාගෙන සිටින අයට මේ රට සංවර්ධනය කරන්න බැහැ. IMF එකෙන් මූලිකවම කියන්නේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම හා රාජ්‍ය ආදායම් වැඩි කිරීමයි.
දේශීය ආර්ථිකය වර්ධනය කිරීමට IMF එකෙන් කිසිදු බාධාවක් නැහැ. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට බාධාවක් නැහැ. යම් අවස්ථාවකදී කොන්දේසි පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අපි සාකච්ඡා කරනවා. මේ රාමුව තුළ අපේ වැඩපිළිවෙළ පහසුවෙන්ම අනුගමනය කරන්න පුළුවන්. යම් ගැටලුවක් තිබුණොත් IMF සමඟ සාකච්ඡා කළ හැකියි.
2028 ණය ගෙවීම් ආරම්භ වෙනවා. ජනතාවට බරක් නොදැනෙන පරිදි මෙය සිදු කරන්නේ කෙසේද?
අපි පැහැදිලිවම ණය ගෙවන ආණ්ඩුවක්. අපේ දේශීය ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ අවුරුදු පහකදි රැකියා ලක්ෂ 10 ක් ගොඩනඟන වැඩපිළිවෙළ ආදිය අපි කරනවා. වරාය, ගුවන්තොට පුළුල් කිරීම ඇතුළු සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ රාජ්‍ය ආදායම වැඩි කිරීමයි. ඒ නිසා 2028 වන විට අපිට ණය ගෙවන ආණ්ඩුවක් බවට පත්කර ගත හැකි බවට විශ්වාසයි. ඉතිහාසයේත් අපි මෙය කර පෙන්වූවා.
පක්ෂය හැර ගිය අයට ආරාධනාවක් නැද්ද?
දේශපාලනඥයන් වෙනුවෙන් මට තීන්දු ගන්න බැහැ. ඒ නිසා මම පාක්ෂිකයන්ට ආරාධනා කරනවා. එන්න අපිත් එක්ක අත්වැල් බැඳ මේ රට ගොඩනඟන වැඩසටහනට දායක වෙන්න කියලා.
21 වැනිදායින් පසු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ…?
පැහැදිලිවම ජනතාව අපේ ප්‍රතිපත්ති එක්ක ඉන්නවා. ඒ නිසා අපේ පක්ෂයට මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකියි. මේ මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. අනිකුත් බොහෝ ප්‍රතිපත්ති ප්රකාශනවල තියෙන්නේ දේශපාලන කාරණා මෙන්ම රටට නොගැළපෙන ඒවා. ඒ නිසා රටට ගැළපෙන්නේ කුමක්ද කියා පරිශීලනය කර ජනතාව බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි.
සුභාෂිණි ජයරත්න