Home » ශිෂ්‍යත්ව විභාග කාලසීමාවේ ප්‍රචාරක රැස්වීම්වලට වැට

ශිෂ්‍යත්ව විභාග කාලසීමාවේ ප්‍රචාරක රැස්වීම්වලට වැට

by Mahesh Lakehouse
September 7, 2024 12:35 am 0 comment
සුභාෂිණි ජයරත්න

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සැප්තැම්බර් මස 15 වැනිදා කාලසීමාව තුළ (උදෑසන 9.30 සිට දහවල් 12.15 දක්වා) විභාගයට බාධාවන රැස්වීම්, පෙළපාළි මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සියලු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය සියලු පොලිස් ස්ථාන වෙත ලබා දීමට නියමිතය.

විභාග අපේක්ෂකයින් 3,23 879 දෙනෙක් සහභාගි වන ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 15 වැනිදා උදැසන දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849ක පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division