Home » යූරියා පොහොර කිලෝ 50 රු. 4000ට

යූරියා පොහොර කිලෝ 50 රු. 4000ට

by Mahesh Lakehouse
September 7, 2024 12:35 am 0 comment

මහ කන්නයේ සිට ගොවියාට කිලෝ 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 4000ක මිලකට ලබා දීමට රජය කටයුතු කර ඇතැයි ද ඒ සඳහා ඡන්දය දිනන තුරු සිටීමට අවශ්‍ය නැති බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොරවකදී 6දා පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා‘ ජනරැලිය අමතමින් කීය.

පසුගිය 2022 වසර ආරම්භයේ රුපියල් 42,000ක් ලෙස පැවැති යූරියා පොහොර මිටියක මිල මේ වර්ෂයේ යල කන්නය ආරම්භයේදී රුපියල් රුපියල් 8000ක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ගොවි ජනතාවට ලබා දෙන විශේෂ වරප්‍රසාදයක් හා සහනයක් ලෙස පොහොර මිටිය රුපියල් 4000ක් ලෙස ලබාදීමට රජය සැලසුම් කර ඇත්තේ ඒ හරහා වී ගොවීන්ට උපරිම මිලක්ද පාරිභෝගිකයාට සහල් සහන මිලකට ලබාදීමට ද ඒ අනුව හැකිවන බව ඇමැතිවරයා කීය.

පොහොර මිල දී ගැනීම සදහා රජය 2022 යල කන්නයේ සිට 2024 මහ කන්නය දක්වා රුපියල් මිලියන 55,000කට වැඩි මුදලක් රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම බැර කර තිබෙන බව කී ඇමැතිවරයා මහ කන්නයේ සිට එම මුදල හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බවද කීවේය. එමෙන්ම 2024 මහ කන්නයේ දී හා 2025 මහ කන්නයේ දී සෑම කුඹුරකටම බණ්ඩි පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ම ලබා දීමට රජය විසින් මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලබා ගැනීමට ලෝක ආහාර වැඩ සටහන සමග එකඟතාවන්ට එළැඹී තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division