Home » දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” පමණයි

දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” පමණයි

by Mahesh Lakehouse
September 7, 2024 12:36 am 0 comment

ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි නායකයන් විසින් රටට නිදහස දිනාගැනීම වෙනුවෙන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය පසුව දෙකඩ වී පක්ෂ දෙකක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරන අද වනවිට රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා එම පක්ෂ දෙක යළි එක්ව සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොරවක ප්‍රදේශයේ 06 දා පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

රට වෙනුවෙන් එකට එක් වූ විට කෑ ගහන සජබට අද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජී.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඩලස් අලහප්පෙරුම මුල්තැන ගත් අනුර කුමාර දිසානායක ද අද ආණ්ඩුව යන මඟ යමින් අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව ප්‍රකාශ කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධි ප්‍රකාශ පිළිබඳ ජාතික ජන බලවේගය රටට පැහැදිලි කළ යුතු බවද සඳහන් කළේය.

ජාතික ජන බලවේගය වෙනසක් කරන බව කියමින් රට මුළා කළද පිටු 232ක් වූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනසක් ගැන කිසිදු සඳහනක් නොමැති බවත් ඔවුන් සිදු කරන බව පවසන වෙනස “හිස්” බවත් පැවසු ජනාධිපතිවරයා රටට අවශ්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස කරන එකම වැඩසටහන “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන බවද අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division