Home » මාස 8කදී රේගු ආදායම කෝටි ලක්ෂයක්

මාස 8කදී රේගු ආදායම කෝටි ලක්ෂයක්

රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

by Mahesh Lakehouse
September 7, 2024 12:37 am 0 comment

මෙම වසරේ ගත වූ මාස 8ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් කෝටි ලක්ෂයක් (බිලියන 1000ක්) උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534කි.

නමුත් 2024 වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවත් ඔහු පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් 25% – 30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද සරත් නෝනිස් මහතා පෙන්වා දෙයි.

තම දෙපාර්තමේන්තුවේ කටයුතු ස්වාධීනව කිසිදු බලපෑමකට යට නොවී ක්‍රියාත්මක වීමේ නිදහස ලබාදීම මත මෙම තත්ත්වයට පහසුවෙන් ළගා වීමට හැකියාව ලැබුණු බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division