Home » ජාතික ජන බලවේගය ඉන්දියානු ධන කුවේරයන් ඉදිරියේ දණ නමනවා

ජාතික ජන බලවේගය ඉන්දියානු ධන කුවේරයන් ඉදිරියේ දණ නමනවා

කුමාර් ගුණරත්නම්

by Mahesh Lakehouse
September 7, 2024 12:39 am 0 comment

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට ඉන්දියානු ධන කුවේරයන් ඉදිරිපිට දණ නමා ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. පසුගිය සිකුරාදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

‘‘1987 දී ගෙන ආ පළාත් සභා සම්බන්ධයෙන් අනුර කුමාර සහ ටිල්විල් සිල්වා මුනිවත රැකීම ගැන තේරුම් ගැනීමට අමාරුයි. අවුරුදු 76ක් පැවති දේශපාලන ක්‍රමවේදයටම දැන් තල්ලුවෙමින් එනවා. 88 – 89 කාලය ගැන පිළිතුරු නොදීම තුළ ඇත්තේ ඔවුන්ගේ දේශපාලන පිල් මාරුවයි.

ඔවුන් ව්‍යාපාරික සමුළුව පවත්වා ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ රටේ සිටි ධන කුවේරයන්ටයි. මොවුන් සමාජවාදය අත්හැරලා ගොඩක් කල් මොවුන් ප්‍රාග්ධනය සමග යහන්ගත වීමේ ක්‍රමයක් තිබෙන්නේ.

බදු වංචා කළ, බැංකුවලට ට්‍රිලියන දෙකකට අධික පොලු තිබෙන සුවිශේෂී ධන කුවේරයින් සමග සම්බන්ධ වෙලා අද වෙන කොට ඉන්දියානු ප්‍රාග්ධනයට අත තබමින් ‘සිස්ටම්‘ එක රකින්න කටයුතු කරනවා.

අනුර කුමාර උතුරට ගිහින් 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව පැවසූ බව සුමන්තිරන් මහතා කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ 13 සංශෝධනයක් ක්‍රියාත්මක කරන්නේ නැති බවත් පළාත් සභා තිබෙන විදියට ගෙන යනවා කියලා උතුරට එකයි දකුණට එකයි කියනවා.‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division