Home » ජන්ම අංක 3 හිමියන්ට ව්‍යායාම සහ විවේකය අත්‍යවශ්‍යමයි

ජන්ම අංක 3 හිමියන්ට ව්‍යායාම සහ විවේකය අත්‍යවශ්‍යමයි

අංක විද්‍යා‍වට අනුව ඔබේ ශරීර සෞඛ්‍යය ගැන දැන ගන්න

by gayan
September 7, 2024 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක
  • ඔබ ඕනෑම මාසයක 3, 12, 21, 30 යන දිනවල ඉපදී ඇත්නම් ඔබේ ජන්ම අංකය 3
  • පෙබරවාරි, ජූනි, දෙසැම්බර් මාසවල සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වන්න

අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සහ 2 අයට අදාල පලාඵල විස්තර සඳහන් කරන ලදී. මෙහිදී ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණක් සැලකිල්ලට ගනු ලබයි.

මෙම ලිපියෙන් ඕනෙම මාසයක 3, 12, 21, 30 යන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. මේ තුළින් ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නීරෝගි ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් උරුම කර ගැනීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කළ හැකිය.

ඔබ ඉපදුණේ ඕනම මාසයක තුන දොළහ විසිඑකතිහ යන දිනයක නම් ඔබ ජන්මඅංක තුනෙන් උපත ලබා ඇත. අංක තුනට ගුරු ග්‍රහයා බලපවත්වයි.

ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ඔබ වැඩි වශයෙන් ඔබගේ එදිනෙදා කටයුතු සහ වෘත්තීය කටයුතු වෙනුවෙන් ගත සිත යන දෙකම අධික ලෙස වෙහෙසවා කටයුතු කරන පුද්ගලයෙකි.

බොහෝ වගකීම් සහ වගවීම් සහිත බලාපොරොත්තු අභිලාෂයන් අපේක්ෂාවන් සහිත ජීවිතයක් ඔබ ගෙවනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබට ඉතා ඉක්මනින් කායික සහ මානසික වශයෙන් ආබාධයන්ට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතී. ඔබට ස්නායු දුර්වලතා ඉතා ඉක්මනින් ඇතිවිය හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි.

එමෙන්ම අධික වෙහෙස සහ අධික මානසික පීඩනයද ඔබව දුර්වල කිරීමට හේතුවෙයි. ඔබ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම මෙන්ම දවසේ විවේකය සහ ශාරීරික ව්‍යායාම වෙනුවෙන් යම් කාලයක් වෙන් කිරීමට මතක තබා ගැනීම ඉතා වැදගත් වෙයි. මතක ශක්තිය දුර්වල වීම මොළය ආශ්‍රිත ස්නායු ගත රෝග පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වෙයි. උගුර සහ පපුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් ද පහසුවෙන් ඇති කළ හැකිවෙයි. එමෙන්ම සමේ රෝගවලටද පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව පවතී. හන්දි රෝග වාත රෝග ද ඔබට පහසුවෙන් ඇති වන රෝග බව මතක තබා ගැනීම වැදගත් වෙයි.

එවැනි රෝග තත්ත්වයන් ඉස්මතු වීමට බලපාන චර්යාවන්ගෙන් සහ එම තත්ත්වය ඇති කරන ආහාරවලින් ඉවත්වීම තුළින් ඒවා පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

පාද ඉදිමීම් පාදවල කැක්කුම් වේදනාවද, එමෙන්ම ජීරණ පද්ධතියේ ආබාධ මලබද්ධය වැනි රෝග තත්ත්වයන්ද පසුකාලීනව හෘදයාබාධ වැලඳීමේ අවදානම ද ඔබට පහසුවෙන් ඇතිවිය හැකි නිසා මේ මොහොතේ සිට නිසි ක්‍රමවේද අනුගමනය තුළින් ඒවා වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙයි. අධික දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය ද ඔබට මෙම රෝගී තත්ත්වයන් ඉහළ දැමීමට හේතු කාරණා වෙයි. ඔබ හොඳ මානසික විවේකයක් ලබා ගත යුතු අතර අධික සිත් තැවුල්වලට පත්වීම සහ මානසික පීඩාවන්වලින් ඉවත් වී සිටීමට සෑම විටම උත්සාහ කරන්න. අන්නාසි, ඇපල්, බීට්රූට්, ඔලිව්, මිදී, කරාබු, රටඉඳි වැනි ආහාර ඔබට ඉතා ගුණදායක වෙයි.

සෑම වසරකම පෙබරවාරි ජූනි සහ දෙසැම්බර් යන මාස වඩා ප්‍රවේශම් විය යුතු කාලවකවානු වෙයි. ආගමට දහමට අනුව කටයුතු කිරීම. හැකි සෑම විටම ආගමික සිද්ධස්ථානවලට ගොස් විවේකීව ආගමික වතාවත්වල නිරතවීම, දිනපතා විනාඩි කිහිපයක් සරල භාවනාවක යෙදීම, වැරදි ආහාර රටාවන්ගෙන් ඉවත්වීම, පිදිය යුත්තන් පිදීම, චෛත්‍ය බෝමළු ඇමදීම, ආදී ක්‍රියා පිළිවෙත් මඟින් කායික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයන් රැක ගැනීමටත් අපල තත්ත්වයන් දුරු කර ගැනීමටත් හැකියාව ලැබෙයි.

ඕනෑම මාසයක 4, 13, 22, 31 දිනවල උපන් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division