Home » යුනියන් ඇෂුවරන්ස් සිය උපදේශකයන්ගේ තත්ත්වය නැංවීමට SLIM සමඟ එක්වේ

යුනියන් ඇෂුවරන්ස් සිය උපදේශකයන්ගේ තත්ත්වය නැංවීමට SLIM සමඟ එක්වේ

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

යුනියන් ඇෂුවරන්ස් සිය ඉහළ පෙළේ උපදේශකයින් සඳහා සුවිශේෂ රැකියා සංවර්ධන වැඩසටහන් පිරිනැමීම පිණිස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගිතාව අරඹා ඇත්තේ සේවාලාභීන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීම සඳහා නියෝජිත ආයතන සහ බෑන්ක් ඇෂුවරන්ස් යන අංශ දෙකෙහිම උපදේශකයින්ගේ වෘත්තීය දියුණුව සහ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගත් යුනියන් ඇෂුවරන්ස්හි ඉගෙනුම් අධ්‍යයන උපායමාර්ගයන්ට අනුකූල වන පරිදිය.

මේ පිළිබඳ යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන නියෝජිත ආයතන නිලධාරි ඉම්තියාස් අනිෆ් පැවසූයේ, “ අපගේ සියලු සේවාලාභීන්ට ඉහළම මට්ටමේ සේවාවක් අඛණ්ඩව පිරිනැමීමට හැකි තත්ත්වයට අපගේ උපදේශකයින් පත් කරමින් කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම සඳහා මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division