Home » LTL Holdings මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කරයි

LTL Holdings මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කරයි

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ බල ශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited ප්‍රථම වරට මූලික මහජන කොටස් නිකුතුවක් ඔස්සේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදු කරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්වනු ඇත.

රු. බි. 16ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක් රු 14.50 බැගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400ක් නිකුත් කෙරෙනු ඇති අතර, අවශ්‍ය නම් මෙය රු.බි.20 දක්වා වැඩිකර ගැනීම සඳහා Greenshoe විකල්පය ද සහිතව කොටස් නිකුතුව සැලසුම්කර ඇත. මෙමඟින් LTL Holdings සමූහයේ ප්‍රාග්ධනයෙන් 22.3% කොටස් හිමිකාරීත්වයක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත. කොටස් නිකුතුව 2024 සැප්තැම්බර් 10 දින ආරම්භවන අතර, කොටස් දායකත්වය සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division