Home » ඩිමෙන්ෂියාව වැළැක්වීමේ මතක පාගමන සහ ධාවන තරගය 21වැනිදා

ඩිමෙන්ෂියාව වැළැක්වීමේ මතක පාගමන සහ ධාවන තරගය 21වැනිදා

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ලෝක ඇල්ෂයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්ෂයිමර් දිනය නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර ඇල්ෂයිමර් සංවිධානයේ (Alzheimer’s Disease International-ADI) සාමාජිකයකු වන ඇල්ෂයිමර් පදනම (Lanka Alzheimer’s Foundation – LAF) විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමේ වැඩසටහන් මාලාව පසුගිය සැප්තැම්බර් 01 වැනිදා නෙළුම් කුලුන රක්ත වර්ණ කිරීමෙන් ආරම්භ විය.

කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින්, ලංකා ඇල්ෂයිමර් පදනම ‘ මතකය සඳහා ධාවන තරගය’ (Run to Remember) තේමාව යටතේ කිලෝමීටර 5ක ධාවන තරගයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය අසලින් සැප්තැම්බර් මස 07 සවස 4.30ට ආරම්භ විය. මීට අමතරව ‘ මතක පාගමන 2024’ (Memory Walk 2024) තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන පා ගමන, සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව. 7.30ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ආරම්භ වේ. මීට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division