Home » චීන-අප්‍රිකා සබඳතාව පිළිබඳ චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

චීන-අප්‍රිකා සබඳතාව පිළිබඳ චීන ජනපතිගෙන් ප්‍රකාශයක්

by yasara
September 5, 2024 4:10 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට  එක් විය. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීයි පැවැත්විණි.

සියලු දෙනා එක්ව නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අවශ්‍යතා ව පෙන්වා දෙමින් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය සිදු කළේය.

ගෙවුණු වසර 24 තුළ, චීනය සහ අප්‍රිකාව එක්ව අත්වැල් බැඳගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කරමින් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථික ගෝලීයකරණය මධ්‍යයේ දෙපාර්ශ්වය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින අතර, ඵලදායි ප්‍රතිලාභ රැසක් චීන සහ අප්‍රිකා ජනතාවට හිමි වී ඇති බව චීන ජනාධිපතිවරයා පැවසුවේය.

චීනය හා අප්‍රිකාව අංග හයකින් සමන්විත නවීකරණය එක්සත් ව ප්‍රවර්ධනය කළ යුතු බව ද එහිදී පෙන්වා දී තිබෙයි.

නවීකරණ සංවර්ධන අවස්ථාව කිසිදු රටකට අහිමි නොවිය යුතු අතර නවීකරණ ගමනේදී බිලියන 2.8 ක චීන-අප්‍රිකානු ජනතා බලය එක්රැස් කර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරමින් සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා ප්‍රගතිය සහිත සුන්දර අනාගතයක් කරා ලෝකය එක්ව මෙහෙයවිය යුතු  බව ද හෙතෙම අවධාරණය කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරයි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division