Home » කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් යුද්ධ හමුදාව කොප්පර පරිත්‍යාග කරයි

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් යුද්ධ හමුදාව කොප්පර පරිත්‍යාග කරයි

by yasara
August 1, 2024 12:44 pm 0 comment

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය  ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කර තිබෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද ( 01) අළුයම එය සංකේතාත්මකව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිළිගන්වනු ලැබුවේය.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්‍ය කිලෝ දහසය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව පූජා කරනු ලබයි.

2014 වසරේ සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව ප්‍රමුඛව සෙසු රෙජිමේන්තුවල බැතිසිත් දායකත්වයෙනී.

කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාරදීමෙන් අනතුරුව, දියවඩන නිලමේතුමාගේ සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සව අවස්ථාවේදී මෙවර ඇසළ පෙරහර පැවැත්වීමට අදාල ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් කරුණු සම්බන්ධව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එහිදී දියවඩන නිලමේ තුමා විසින් ඇසළ පෙරහර මංගල්‍ලය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, කොප්පරා පරිත්‍යාගය සඳහා දායක වූ සියළුම වීරෝදාර රණවිරුවන් වෙත ද සිය කෘතඥතාව පළ කළේය.

අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් ශ්‍රී දළදා මාලිගාව වෙත නොකඩවා ඉටු කරනු ලබන සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division