අබාන්ස් PLC සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගර කාර්යාලයීය සුබසාධක සංගමය අතර සහයෝගීතාවෙන් කොළඹ නගර කාර්යාලයීය සුබසාධක සංගමයේ සාමාජිකයින් සඳහා ගෘහස්ථ සෝලා පද්ධති ලබාදීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව, නිවාස 300 කට ආසන්න සංඛ්‍යාවක සෝලා පද්ධති සවි කිරීමට සූදානමින් සිටියි. අදාළ ගිවිසුම් සඳහා අත්සන් තැබීම 2024 ජූලි 08 වැනි දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගර පාලන මධ්‍යස්ථානයේ දී සිදු විය. එම අවස්ථාවට අබාන්ස් PLC ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චන්න පතිරණ ඇතුළු අබාන්ස් නිලධාරීහු රැසක් සහභාගී වූහ. එසේම, විදුලිබල මණ්ඩලයේ කොළඹ නගර කාර්යාලීය සුබසාධක සංගමය නියෝජනය කරමින් සභාපති අමිත් දිසානායක ඇතුළු නිලධාරීහු රැසක් ද මේ සඳහා එක් විය.
අබාන්ස් සහ විදුලිබල මණ්ඩලය නිවාස සඳහා සෝලා සවි කිරීමේ ව්‍යාපෘතියක
1.6K
previous post