අර්බුදයේ කරවටක් ගිලී සිටිනා දේශයක්, ජයග්‍රහණයේ මාවතට හැරවිය හැක්කේ කෙසේද යන්න වින්සන්ට් චර්චිල් බ්‍රිතාන්‍යයට එදා පැහැදිලි කළේ මෙසේය.
“අපි අවසානය දක්වා ඉදිරියට යමු. අපි ප්‍රංශයේ සටන් කරන්නෙමු. අපි මුහුදේ සහ සාගරවල සටන් කරන්නෙමු. අපි විශ්වාසයේ වර්ධනය ඔස්සේ සහ වාතයේ වැඩෙන ශක්තියෙන් සටන් කරමු. අපි මේ දූපත ආරක්ෂා කරමු. අපි වෙරළ තීරයේ සටන් කරන්නෙමු. ගොඩබිම්හි සටන් කරන්නෙමු. කෙත්වතු, මංමාවත් වීදී දිගේ සටන් කරන්නෙමු. කඳුකරයේ සටන් කරන්නෙමු. කිසිදා යටත් නොවෙමු“
1940 ජූනි 4 වෙනිදා ඔහුගේ මෙම අප්‍රතිහත ධෛර්යයේ ප්‍රකාශය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිදු කරන කල්හි බ්‍රිතාන්‍ය වාසීහු සිටියේ තුෂ්ණිම්භූතවය. සිය දේශය ආර්ථික අර්බුදය පමණක් නොව ජර්මන් ආක්‍රමණය, කොමියුනිස්ට්වාදයේ දිගහැරීම ආදිය සඳහා මුහුණ දෙන්නේ කෙසේදැයි ඔවුහු විපිළිසරව සිටියහ. චර්චිල් ඒ මොහොතේ බ්‍රිතාන්‍ය සඳහා ගැලවුම්කරුවාගේ භූමිකාව රැගෙන ආ නායකයාය.
ඔහු පාර්ලිමේන්තුවේදී ඉහත කතාව පවත්වා අවසන් වූ පසුව, කම්කරු පක්ෂ මන්ත්‍රී ජොෂියා වෙජ්වුඩ් “එය තුවක්කු දාහක වටිනාකම ඉක්මවන්නේය. වසර දාහක් තිස්සේ සිදු කළ කතාවලට වඩා වටින්නේය.” යැයි කියමින් පැසසීය.
මේ ආකාරයේම තත්ත්වයකට මෑත ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. එහි අන්තර්ගතය විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැත. පැමිණි ආර්ථික අර්බුදය හැටනව ලක්ෂයක ඡන්දයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා පස්ස දොරෙන් පිටමං වෙන තැනක් දක්වා කැඳවාගෙන ගියේය. අගමැති තනතුරේ දිවුරුම් දී සිටි රනිල් වික්‍රමසිංහ එතැන් පටන් ප්‍රශ්නය අතට ගත්තේය. ඔහු පළමුව වැඩ බලන ජනාධිපති ලෙස රටේ වගකීම භාර ගත්තේය. එ් වන විට කැරලිකරුවන් සුදානම්ව සිටියේ පාර්ලිමේන්තුව ද අතට ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවනු නොහැකි හෙයින් එය ආරක්ෂා කරනු වස්, එතැන් පටන් ක්‍රියාත්මක වූ වික්‍රමසිංහ, පළමුව දේශපාලන ස්ථාවරභාවය සහතික කළේය. අද අප දකින ප්‍රජාතන්ත්‍රවාදය එදා එම පියවර නොගත්තේ නම් ඉතිරි නොවන්නට තිබුණි.
එජාපයට රටෙන්ම තිබුණේ ජාතික ලැයිස්තු ආසනයක් පමණය. මැතිවරණයකින් ඒ ආකාරයට පක්ෂයක් සෝදාගෙන ගිය කල, අවම වශයෙන් වසර පහක කාලයක් එම පක්ෂය ගොඩගැනීම සඳහා මහන්සි විය යුත්තේය. තනි මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන පත්‍රයට නොව, රටේ පොදු න්‍යාය පත්‍රයට අනුකූල විය. හෙතෙම ආර්ථික අර්බුදය ආදී සෑම ගැටලුවකදීම, රජය සමඟ සාකච්ඡා කිරීමට පැමිණ සිය යෝජනා ඉදිරිපත් කළේය. ඒ කිසිවක් සිදු කරන ලද්දේ සිය පක්ෂයේ හෝ තම දේශපාලන අනාගතය උදෙසා නොව රටේ අනාගතය උදෙසාය. දැවැන්ත පක්ෂයක් තනි ආසනයක් බවට පත්වූ කල්හි ඒ නැවෙන් පිට වෙනු විනා කිසිවෙක් ඊට ගොඩ වන්නේ නැත. රැඳී සිටින පිරිස ද සුළු හෙයින් පක්ෂය වසා දමා යනවා හැර වෙන විකල්පයක් නැත්තේය. එසේ තිබියදී දේශය නිදහස් කර දුන් පක්ෂයේ අභිමානය රැකගැනීම උදෙසා රනිල් වික්‍රමසිංහ, තනි අලියාගේ භූමිකාවට පණ දුන්නේය.
වැඩ බලන ජනාධිපති ලෙස පත්ව වැඩේ අතට ගත් හෙතෙම දේශපාලන ස්ථාවරභාවයෙන් පටන් ගෙන ආර්ථිකය ගොඩනැඟීම සඳහා අත තැබුවේය. ඒ අතරේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය සදහා ඉදිරිපත් වීමට ඔහුට සිදු විය.
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතට අනුව, අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් එවකට වැඩබලන ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ තේරී පත් වන්නේ ජුනි 20 වෙනිදාවකය. මීට දෙවසරකට පෙර ඒ ආකාරයට රටේ බලය මුළුමනින්ම ඔහු අතට පත්විය.
එතැන් සිට මේ රටේ කතාව වෙනස් ආකාරයක වියමනක් මත ගොඩනැඟෙන්නට විය. පළමුව දේශපාලන ව්‍යාකරණයේ සිදු වූ වෙනසය. බහු පක්ෂ ක්‍රමය තුළ පාලන බලය හෙබවීම සඳහා සියලු සුදුසුකම් සපුරා සිටි රනිල් වික්‍රමසිංහ, මේ රටට අලුත් ජයග්‍රහණයක් ලබා දුන්නේය. ඔහු රටේ ආර්ථිකය ජයග්‍රහණය කිරීම සඳහා මූල්‍ය අරමුදල සමඟ එක්ව මේ රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා සේම දේශපාලන වශයෙන් බංකොලොත්භාවයෙන් රට මුදා ගැනීමට ද කටයතු කළේය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය ගරා වැටෙන කල්හි එයට නවමු ආකෘතියක් හඳුන්වා දෙන ලද්දේ මේ වසර දෙක තුළය. තමන් තනි පක්ෂයක තනි මන්ත්‍රී බැවින් එතැන් සිට ඔහු සියලු පක්ෂ එක් අරමුණක් වෙත නාභිගත කර ගැනීම සදහා වෙහෙස ගත්තේය. දේශපාලනයේ සදාකාලික සතුරු කඳවුරු වෙනුවට අරමුණ උදෙසා එක්වෙන පක්ෂ ක්‍රමවේදය ඔහු හඳුන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ යනු සපුරාම පාර්ලිමේන්තුවාදියෙකි. 1977 වසරේ සිට සියලුම පාර්ලිමේන්තු ඔහු නියෝජනය කළේය. සය වරක් රටේ අගමැති තනතුර සඳහා පත්විය. මේ අභ්‍යාසය ඔහු උපයෝගී කර ගත්තේ, රටේ දේශපාලන ක්‍රමවේදය සඳහා නව මාවතක් විවර කර ගැනීමටය.
යම් හෙයකින් දේශපාලන සහ ආර්ථික අතින් රනිල් වික්‍රමසිංහ අසාර්ථක වූයේ නම් ඔහු ලබන නින්දාව, නිමක් නැත්තේය. මේ බැරෑරුම් බව තේරුම් ගත් කිසිවෙක් අර්බුදය හමුවේ ඒ අවස්ථාවේ අගමැති තනතුර ගැනීම සඳහා පෙරට ආවේ නැත. සැඟව පලා ගියේය. අගමැතිකම සඳහා නාමයෝජනා කිරීම මරණ දඬුවම සඳහා යමෙක් සොයනවා වැනි විය. අගමැතිකම ලබාදීම සඳහා අඬගසනු ඇතැයි යන බියෙන් සමහර පක්ෂ නායකයෝ දුරකතනය ද වසා දමා සැඟව සිටියහ. මේ වනාහි වගකීම සඳහා කර තැබීමට ඇති බියය.
අර්බුදය තමන්ගේ දේශපාලන අනාගතය ද විනාශයට පත් කරනු ඇතැයි සිතූ එම නායකයන් අතරෙන් තනි ආසනයක් සහිත මන්ත්‍රීවරයෙක් රටේ ජනාධිපතිකම දක්වා පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ අත්දැකීම්වල පරිමාණය සහ ඔහු සැමදා විශ්වාස කළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ කැපවීමය.
මේ දෙවසර, රටේ ජයග්‍රහණයේ කතාවක් බවට පත්විය. එය කතාවේ ආරම්භය පමණය. එතැන් සිට කතාව ඉදිරියට යා යුත්තේය. පැමිණෙන ජනාධිපතිවරණය යනු එහි ඉතිරි කොටස ලියා තැබීමය.